gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කසිප්පු පෙරලා රට යැවුවොත් සෑහෙන්න ඩොලර් ලැබෙනවා.. කසිප්පුවල වටිනාකම මින්ස්සු දන්නෑ - ඩයනා ගමගේ

රුපියල් 3600 ක් පමණ වන මිලක් ගෙවා සාමාන්‍ය ජනතාවට මත්පැන් බෝතලයක් මිලට ගැනීමට නොහැකි නිසා ඊට විකල්පයක් හඳුන්වා දිය යුතුව ඇතැයි සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

මේ වන විට මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් කසිප්පු නිෂ්පාදනය 500% කින් ඉහළ ගොස් ඇති බවද ඇය පැවසුවාය.

බොහෝ පුද්ගලයන් නිවාස වල කසිප්පු පෙරා ගෙන බොන තත්ත්වයකට දැන් පත්ව ඇතැයි ද ඇය පෙන්වා දෙයි.

කසිප්පු සහ ගංජා වල ඇති වටිනාකම ජනතාවට නොතේරෙන බවත් රුසියාවේ නම් කසිප්පු වොඩ්කා බවත් ජපානයේ දී ‘සකේ’ බවත් ඇය පැවසුවාය.

කසිප්පු නිෂ්පාදනය හොඳ ප්‍රමිතියකට කර අපනයනය කිරීමට ආරම්භ කලහොත් එම ව්‍යාපාරයෙන් මෙරටට එන ඩොලර් ප්‍රමාණය සිතාගැනීමට නොහැකි තරම් බවද ඇය කියා සිටී.

ඇය මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද‍්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka