‘චැනල් 4’ අනාවරණයට අදාළ පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය ආරම්භ කිරීමට පෙර පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් සංවිධානය කළ දැනුවත් කිරීමේ දේශනයක් පිළිබඳ මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් හෙලිදරවු කිහිපයක් සිදු කරයි.
පාස්කු ප්‍රහාරය සහ එහි විමර්ශන සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා එම වැඩසටහනේ ප්‍රධාන දේශකයා ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ගෙන්වීමට මුලින් සැලසුම් කර තිබී ඇති අතර පසුව විපක්ෂයේ දැඩි විරෝධය මත එම තීරණය වෙනස් කොට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ප්‍රසන්න අල්විස් මහතා සම්බන්ධ කරගෙන ඇති බවත් ඔහු හෙලි කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මෙම අදහස් පල කර ඇත.
එලෙස ගෙන්වා ගත් ප්‍රසන්න අල්විස් මහතා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ ව සාක්ෂි විනාශ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වීමට නියමිත ව සිටි ගෝඨාභය රාජපක්ෂ හිතවාදියෙකු බවටත් ඔහු චෝදනා කරයි.