gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හරක් කටා ගිනි අවියක් පැහැර ගන්න CIDයේ යකා නටලා !

හරක් කටා  උප පොලිස් පරීක්ෂකවරයකුගේ (SI) ගිනි අවිය පැහැර ගැනීමට පොර බදා CIDය ඇතුළේ යකා නටා ඇති බව වාර්තා වේ. ඒ සඳහා පොලිස් කොස්තාපල්වරයකුගේ සහාය ලැබී ඇති අතර මේ වන විට අදාළ පොලිස් කොස්තාපල්වරයා පැනගොස් ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ. 

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක (මිදිගම චින්තක) හෙවත් 'හරක් කටා' ප්‍රශ්න කිරීම සඳහා  අද (10) අපරාධ විමර්ශණ අංශය වෙත කැඳවා  තිබිණි.  

දෙඅත් බැඳ තිබූ මාංචු ගලවා අදාල ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටිය දී හරක් කටාගේ ඉල්ලීමක් අනුව ඔහු වැසිකිළියට ගොස් නැවත පැමිණ තිබේ. ඒ සමගම ප්‍රශ්න කිරීම් සිදුකළ මේසය අසල සිටි විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයාගේ (SI) අත තිබූ ගිනි අවිය පැහැර ගෙන පැනයාමට තැත් කර තිබේ. ඒ සඳහා එම ස්ථානයේ සිටි තවත් පොලිස් කොස්තාපල්වරයකුගේ ද සහාය හරක් කටාට ලැබී ඇති නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ගැටුමට මැදිහත් වීමත් සමග හරක් කටාගේ උත්සාහය ව්‍යර්ථ වී තිබේ. 

කෙසේ නමුත් මේවන තෙක් හරක් කටාට පැනයාමට උදව් කිරිමට උත්සාහ කළ අදාළ පොලිස් කොස්තාපල්වරයා අතුරුදන්ව ඇති බවත් ඔහු සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

විදේශ ගතව සිටි මෙරටට රැගෙන ආ නදුන් චින්තක නොහොත් හරක් කටා එදා පටන් ප්‍රශ්න කිරීම් සඳහා රැඳවුම් නියෝග මත රඳවා ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය.
-theleader
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka