චැනල් 4 වීඩියෝව ගැන සලෙයි බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලයට පැමිණිලි කරයි… වීඩියෝව ගැන එංගලන්තයෙන් පරීක්ෂණයක්!
චැනල් 4 නාළිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි වෙත කුමන්ත්‍රණ වගකීම පවරා චැනල් 4 නාලිකාව නිකුත් කළ වීඩියෝව පිළිබඳව මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධය නියාමන කාර්යාලය වෙත සිදුකළ පැමිණිල්ලක් ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
මෙම කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධව මීට පෙර තමන් විසින් සාක්ෂි සහිතව පිළිතුරු ලබා දී තිබිය දී චැනල් ෆෝ නාලිකාව හිතා මතාම තමන් ඉලක්ක කරගෙන ද්වේශ සහගතව මෙම වීඩියෝ පටය ප්‍රචාරය කර ඇති බව ඔහු බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධය නියාමන කාර්යාලය වෙත කළ පැමිණිල්ලේ දක්වා ඇත.
මෙම පැමිණිල්ල මත චැනල් 4 වීඩියෝව සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් දැනුම් දී ඇතැයි රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි ගේ නීතීඥ පසන් වීරසිංහ සඳහන් කර තිබේ.
නීතීඥ පසන් වීරසිංහ ෙසඳහන් කළේ, අදාළ වීඩියෝ පටය නිකුත් කිරීමට පෙර චැනල් 4 නාළිකාව පසුගිය අගෝස්තු මස 07 වනදා සුරේෂ් සලෙයි මහතාගෙන් එම චෝදනා පිළිබඳව කරුණු විමසීමක් සිදුකර තිබූ බවය.
එමෙන්ම එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර තමන් එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තුළ ද රැඳී නොසිටි බවට ද සුරේෂ් සලෙයි විසින් ඊට පසුදිනම එම නාළිකාවට ලිඛිතව දැනුම්දීමක් සිදුකර ඇති බව නීතීඥ පසන් වීරසිංහ වැඩිදුරටත් දන්වා තිබේ.
– දෙරණ
චැනල් 4 වීඩියෝව ගැන සලෙයි බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලයට පැමිණිලි කරයි… වීඩියෝව ගැන එංගලන්තයෙන් පරීක්ෂණයක්!
2023-09-11T08:12:00+05:30
Gossip Lanka Hot News






