gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බූරු මූණා මෙහෙයවමින් මිනී මැරූ පාතාලයා, ලලිත් කන්නංගර ඩුබායි හි දී අත් අඩංගුවට!

ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන සිටින අපරාධකරුවකු වන ලලිත් කන්නන්ගර  නැමැති පාතාල අපරාධකරු  ඩුබායි හිදී අත්අඩංගුවට පත්වී තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ලලිත් කන්නංගර   ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනයක් නිකුත් කරගැනීමට බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් අවිස්සාවේල්ල අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබා ගෙන අදාල මෙහෙයුම් දියත් කර තිබුණේ     පසුගිය මැයි මාසයේ දී ය.

මෙම පුද්ගලයා සම්බන්ධව රටේ වඩාත් වැඩි කථිකාවක් ඇති වුනේ බූරු මූණා නැමැති පාතාලයේ සැඟවුන වෙඩික්කරු යොදා ගනිමින් හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන කීපයක් මෙහෙයවූ  ප්‍රධාන අපරාධකරුවා ලෙසය. ඩුබායි සිටින ලලිත් කන්නන්ගර  සිය   මත්කුඩු ජාවාරමේ යෙදී  සිටියේ රත්ගම විදුර සහ හරක් කටා   සමග සම්බන්ධව ය.

හංවැල්ල ප්‍රදේශවල පුද්ගලයන් කිහිපදෙනෙකුව තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදු කිරීම මෙහෙයවූ ප්‍රධාන සැකකරු ලෙසත්, ප්‍රදේශයේ කප්පම් ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රමුඛ අපරාධකරු ලෙසත් මෙම පුද්ගලයා පොලිසිය විසින් හඳුනාගෙන සිටියේය.

අත් අඩංගුවට ගත් ලලිත් කන්නංගර මෙරටට ගෙන්වා ගැනීම සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka