gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“අනුරාධ හා රවී කැසිනෝ බදු ගෙවල නෑ; මහ බැංකු අධිපතිත් කැසිනෝ ගහනවා?”

කැසිනෝ බදු නොගෙවීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ අංක 08 උසාවියෙන් ඇප ලබා සිටින කැසිනෝ ව්‍යාපාරික අනුරාධ පෙරේරා හා රවී විජේරත්න යන ‌දෙදෙනා වැලිබල් ෆිනෑන්ස් සමාගම සහ SMB ලීසිං සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල සිටීම ගැන මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතාට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත හා එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති චාල්ස්  මහතා විසින් ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.

මේ අතර, ප්‍රකට ව්‍යාපාරික රවී විජේරත්න මහතා නොගෙවූ කැසිනෝ බදු මුදල රුපියල් කෝටි 76ක් බවද පැවසේ.

ඔවුන් පෙන්වාදෙන්නේ මෙවැනි චෝදනා ඇති අය මූල්‍ය සමාගම්වල අධ්‍යක්ෂ ධූර දැරීමට නුසුදුස්සන් බවයි.

අදාළ ලිඛිත පැමිණිල්ල පසුගිය 22 වැනිදා මහ බැංකුවට සිදු කිරීමෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වූ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා


මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත හා එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති චාල්ස්  මහතා විසින් කළ ලිඛිත පැමිණිල්ල පහත දැක්වේ.

රවී විජ‌ේරත්න විසින් නොගෙවා පැහැර හරින ලද බද්ද පිළිබඳ සහතිකය පහත දැක්වේ.



-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka