gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මීටියාගොඩ වෙඩි තැබීම කරන්දෙණිය සුදදාගේ කල්ලියේ වැඩක්… හේතුව වසර ගණනක් ඈතට දිවෙන කෝන්තරයක්! විමර්ශන අංශ කියයි…

අද (28) උදෑසන 6ට පමණ මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන  සිදුකළ වෙඩි තැබීමෙ සිද්ධිය වසර ගණනාවක් එපිටට දිවයන දෙපාර්ශවයක මරා ගැනීමක් බවට තොරතුරු ලැබී තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙසේ වෙඩි තබා තුවාල සිදුකර  ඇ.ත්තේ  46 හැවිරිදි චමින්ද කුමාර නම් පුද්ගලයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කීවේ වෙඩි ප්‍රහාරයෙන් අදාළ පුද්ගලයාගේ අතකට හා කකුලකට තුවාල සිදුව ඇති බවත් ඔහු මේ වනවිට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්ය.

වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ   2016 වසරේ දෙසැම්බර් 12 වැනිදා සංවිධානාත්මක අපරාධකරුවකු වන කරන්දෙණියේ සුද්දාගේ පාර්ශ්වය විසින් වෙඩි තබා ඝාතනය කළ “පලතුරු ප්‍රියන්ත” නමැත්තාගේ  සහෝදරයෙකි.  වෙඩි ප්‍රහාරයට ලක් වූ චමින්ද කුමාර නැමැත්තා එම නඩුවේ සාක්ෂිකරුවෙක් බව පොලිසිය කයයි.

මෙම වෙඩි තැබීම සිද්ධ වන්නේ පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් වශයෙන් නොව පාතාල අපාරධකරුවෙකුගේ බලය තහවුරු කරගැනීමට කරන ප්‍රහාරයන් ලෙස බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මීට දින කීපයකට පෙර කරන්දෙණිය සුද්දාගේ හිතවතෙක් සමග ආරවුලක් ඇති කරගෙන ඇති බවත් එම ආරවුල ඇති වී තිබෙන්නේ සුද්දාගේ ගෝලයා වෙඩි ප්‍රහාරයට ලක් වූ තැනැත්තාගේ ඉඩමක හොර රහසේ කසිප්පු පෙරීම  බවත් අනාවරණය වී ඇත

ලැබෙන තොරතුරු මත මෙම වෙඩි ප්‍රහාරය කරන්දෙණිය සුද්දාගේ පාර්ශවය විසින් සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.  සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් විමර්ශන සිදුකරයි.
-lankasara

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka