gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෑස් වහගෙන මරණ පරීක්‍ෂණ කරන ජාවාරමක්

ජාතික රෝහලේදී මිය ගිය, එසේ ම හඳුනා නොගත් මළ සිරුරුවල මරණ පරීක්ෂණ සිදුකරද්දී වංචා සහගත අයුරින් ඒවා සිදුවන බවට රෝහල් කාර්ය මණ්ඩල චෝදනා කරයි. එසේ හඳුනානොගත් තැනැත්තෙකු මිය ගිය විට මෘතශරීරය රෝහල් මෘතශරීරාගාරය තුළ තැන්පත් කෙරෙන අතර නිශ්චිත කාලයක් එසේ තබාගෙන ඥාතීන් ඇද්දැයි සොයනු ලබන නමුත් ඥාතීන් සොයාගත නොහැකි වුවහොත් හඳුනානොගත් සිරුරක් ලෙස මිහිදන් කරන අවස්ථාවන්හිදී පශ්චාත් මරණ පරීක්ෂණයක් අනිවාර්ය වේ.

එවැනි අවස්ථාවන්හිදී සිදුවන්නේ, මෘතශරීරය පොලිස් මෘතශරීරාගාරය වෙත ගෙන්වා ගෙන එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබීමය.

එහෙත් පසුගිය සමයේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ එක්තරා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු මෘතශරීර රෝහල් මෘතශරීරාගාරයේ තිබියදී ම පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් නොකර ඇඳ හිස්පත් වාර්තා පමණක් පරීක්ෂා කර බලා මරණයට හේතුව ලබා දී ඇතැයි හෙළි වී තිබේ.

සාමාන්‍යයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට මරණ පරීක්ෂණයක් සිදුකිරීමට පැය තුනක් පමණ ගතවන නමුත් මෙකී අධිකරණ වෛද්‍යවරයා දින දෙකක් තුළ මරණ පරීක්ෂණ 20ක් සිදු කර ඇතැයි අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිල ලේඛනවල සඳහන් වේ. කොරෝනා සමයේ සිට මෙසේ සිදුවන බව රෝහල් සේවකයෝ පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ, මෙසේ නිසි පරිදි පරීක්ෂා නොකර සිදුකරන පරීක්ෂණ හේතුවෙන් මියගිය තැනැත්තන්ගේ අයිතිවාසිකම්වලට හානි සිදුවන බව ය. යම් හෙයකින් ඝාතනයක් සිදුවී තිබුණොත් මගහැරෙන්නට ඉඩකඩක් පවතින බව ඔවුහු පෙන්වා දෙති.

මේ සඳහා යොදාගෙන ඇත්තේ, පොලිස් බල ප්‍රදේශයක් පවා හඳුනාගැනීමට නොහැකි වූ මෘතශරීර වේ. එවන් අවස්ථාවන්හිදී ඒවායේ පරීක්ෂණ කටයුතු භාර වන්නේ මරදාන පොලිසිය වෙත ය. එවිට එම පොලිසියේ නිලධාරියකුගේ සහයෙන් මෙම පරීක්ෂණ සිදුකර තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේ 11 හා 12 යන දින දෙක තුළ මෙම පරීක්ෂණ සිදුකර ඇති අතර ඒවායේ ලියාපදිංචි අංක (SR Numbers) වන්නේ 528/04 සිට 558/04 දක්වා වේ. මේ සඳහා පැමිණ ඇත්තේ මරණ පරීක්ෂණ සඳහා සහභාගි වීම ඉහළ නිලධාරීන් විසින් තහනම් කරනු ලැබ ඇති පොලිස් නිලධාරියෙකු වන නමුත් ඔහු එහිදී ලේඛනවලට යොදා ඇත්තේ වෙනත් නිලධාරියකුගේ නමකි.

පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නම් රෝහල් මෘත ශරීරාගාරයේ සිට පොලිස් මෘතශරීරාගාරය වෙත මළ සිරුර ගෙන ආ යුතු නමුත් මෙම මළ සිරුරු නිදහස් කර ඇත්තේ, රෝහල් මෘතශරීරාගාරයෙනි.

මේ සම්බන්ධව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන්ගෙන් කළ විමසීමකදී ඔහු කීවේ රෝහල් මෘතශරීරාගාරයේ මෘතශරීර කළමනාකරණය පිළිබඳ ප්‍රශ්න පවතින බව ය.

එහි සේවකයන් මළ සිරුරු මාස ගණන් තබාගෙන සිටින බව ත්, නරක් වූ පසු පොලිස් මෘතශරීරාගාරය වෙත ගෙන ඒමට අපහසු බැවින් එම පරීක්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී ම සිදුකරන බවත් වෛද්‍ය තෙන්නකෝන් කී ය.

පොලිස් මෘතශරීරාගාරයේ කටයුතු නිසි පරිදි සිදුවන බව ද හෙතෙම සඳහන් කළේ ය.
-mawbima
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka