gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල් – උදය යළි මහින්ද පිලට ගන්න සැලසුම්

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අර්බුද සමයේ ඇමතිකම්වලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සම්බන්ධ කර ගැනීමේ මැදිහත් කාර්යභාරය සිදු කිරීම සඳහා එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂට යෝජනා කිරීමට පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමක් සූදානමින් සිටින බවට ‘ඉරිදා මව්බිම’ ට වාර්තා වේ.

මෙම දේශපාලන දීගය සිදු කිරීම සඳහා සුදුසුම හා එක ම මැදිහත්කරුවා වන්නේ මහින්ද රාජපක්ෂ බව ත් එම නිසා මෙම කාර්යය තවත් පමා නොකර කඩිනම් කළ යුතු බවත් මෙම පොදුජන පෙරමුණු මන්ත්‍රී පිරිස අතර සාකච්ඡා වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නව නායකත්වයක් මේ වන විට ඉස්මතු වෙමින් පවතින නිසා ත් පක්ෂයට නවක ජනතා ආකර්ෂණයක් තිබෙන නිසා ත් අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා නැවත පක්ෂය හා සම්බන්ධ කර ගැනීම තුළින් පක්ෂයේ යාන්ත්‍රණයට ශක්තියක් වනු ඇති බවත් මෙම මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබේ.

එළඹෙන වසර මැතිවරණ පැවැත්වෙන වසරක් නිසා දැන් සිට ම පක්ෂයේ යාන්ත්‍රණය සකස් කර ගැනීම වැදගත් නිසා මෙවැනි කරුණු කෙරෙහි පොදුජන පෙරමුණු අවධානය යොමු කළ යුතු බව ද මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා කාලයක් සිට ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කළ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඔවුන් ඇහුම්කන් දෙනු ඇතැයි ද එම මන්ත්‍රී පිරිසේ මතය වී ඇත.

මීට අමතරව මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ කතිකත්වයට හා වාග් ශෛලියට හා ඔවුන්ගේ ප්‍රචාරක කටයුතුවලට ඇලුම් කරන පොදුජන පෙරමුණු නවක මන්ත්‍රීවරුන් පිරිසක් ද සිටින බව දැනගන්නට ඇත.

එම මන්ත්‍රීන් ද මේ පිළිබඳව පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨයන්ට ප්‍රකාශ කර ඇති බවට වැඩිදුරට ත් දැනගන්නට ඇත.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව හා එවකට අමාත්‍යව සිටි බැසිල් රාජපක්ෂව විවේචනය කිරීම හා ආණ්ඩුව විවේචනය කිරීමට කොළඹදී ජන සමුළුවක් පැවැත්වීම හේතු කරගෙන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන් එවක දැරූ කැබිනට් ඇමති ධූරවලින් ඉවත් කරන ලදී.
-mawbima
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka