කච්චතිවු දුපත ආපසු පවරා ගැනීම ඉන්දීය රජයට කල හැකියි..- ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය
ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත ඉන්දියාවට අත්පත් කරගැනීමේ තීරණය ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදුන් ගිවිසුම අහෝසි කර නැවත ඉන්දියාවට පවරා ගන්නා ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ පෙත්සමට අදාලව අවසන් තීන්දුව දෙමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව දැනුම් දී තිබේ.
1974 වසරේ දී ගිවිසුමක් කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට පවරා දෙන ලද අතර එම ගිවිසුම අහෝසි කර කච්චතිව් දූපත නැවත ශ්‍රී ලංකාවට ලබා ගන්නා ලෙස ඉන්දීය මධ්‍යම රජයට නියෝග කරන්නැයි චෙන්නයි ධීවර සංගමය විසින් ගොනු කරන ලද පෙත්සම මගින් ඉල්ලා තිබිණි.
කෙදේ වෙතත් ඉන්දීම මධ්‍යම රජය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබුනේ ඉන්දියාවට අයත් කිසිදු භූමි ප්‍රදේශයක් ශ්‍රී ලංකාවට පවරා දී නොමැති බැවින් කච්චතිව් ශ්‍රී ලංකාවෙන් පවරා ගැනීමේ ප්‍රශ්නයක් මතු නොවූ බවයි.
කච්චතිවු දුපත ආපසු පවරා ගැනීම ඉන්දීය රජයට කල හැකියි..- ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය
2023-09-03T22:53:00+05:30
Gossip Lanka Hot News






