අප්‍රේල් 30 වනතුරු අදාල වන්දිය කොන්ත්‍රාත්කරුගෙන් ලබා ගැනීමට රජය කටයුතු කර නැති බව විගණනය හෙළි කරයි! උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගෙහි ඇතිවු ජලකාන්දුව සදහා වින්දිත පාර්ශව වෙනුවෙන් රජය මගින් ගෙවනු ලැබු වන්දි මුදල අදාල කොන්ත්‍රාත්කරුගෙන් අයකරගත යුතු බවට රජයේ ගිණුම්කාරක සභාව විසින් නියෝග කොට තිබුනද මෙම වර්ෂයේ අප්‍රේල් මස 30 වන දින වනවිටත් කොන්ත්‍රාත්කරුගෙන් රුපියල් මිලියන 1124.62ක මුදලක් අයකරගෙන නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
උමගෙයි ඇතිවු ජලකාන්දුව සදහා වන්දි වශයෙන් කොන්ත්‍රාත්කරු විසින් අදාල රක්ෂණ සමාගමෙන් ඇමරිකානු ඩොලර් 8,155,981 වන්දියක් ලබාගෙන තිබුණි.
කොන්ත්‍රාත්කරු විසින් වින්දිත පාර්ශව වෙත වන්දි මුදල් ගෙවිය යුතුව තිබුණි. එහෙත් රජය විසින් 2021 වර්ෂයේ අගෝස්තු මස 31 දින වනවිට රුපියල් මිලියන 1931.34ක මුදලක් වන්දි වශයෙන් වින්දිත පාර්ශව වෙත ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
-ලලිත් චාමින්ද
-lankasara