gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාව ඉන්දියාව සමග සිටගනී.. අලි සබ්රිගෙන් කැනඩා අගමැතිට ප‍්‍රහාරයක්…

ත්‍රස්තවාදීන් විසින් ආරක්ෂිත තෝතැන්නක් ලෙස කැනඩාව සොයා ගෙන ඇති බවත් කැනඩා අගමැති වරයා කිසිදු සාක්ෂියක් නොමැතිව සාහසික චෝදනා ඉදිරිපත් කරන බවත් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.

කැනඩා අග්‍රාමාත්‍යවරයා දිගින් දිගටම සනාථ නොකරන චෝදනා ඉදිරිපත් කරන බවත් ඔහුගේ ප්‍රකාශයන් ගැන තමා පුදුම නොවන බවත් විදේශ අමාත්‍ය වරයා විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කර ඇත.

කැනඩාව හා ඉන්දියාව අතර ඇතිවී තිබෙන රාජතාන්ත‍්‍රික ගැටුම ගැන කල විමසීමකට පිළිතුරු ලෙස ඔහු මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද කැනඩා අගමැති විසින් කරන ලද ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍ය බවත් ශ්‍රී ලංකාවේ කිසිදු ජන සංහාරයක් සිදුව නැති බවත් විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

ස්වෛරී රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන්නැයි කැනඩා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පවසන ඔහු වෙනත් කිසිවකු අපේ රට පාලනය කළ යුතු ආකාරය කිව යුතු නැති බවද සඳහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka