gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

IMF ටීම් එකත් ලංකාවට ඇවිත්! අගෝස්තු මාසය වෙද්දිත් ලංකාව ඉටු කරලා තියෙන්නේ කොන්දේසි 57න් 38ක් විතරයි!

අගෝස්තු මාසය අවසන් වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) 17 වැනි වැඩසටහන යටතේ සපුරාලීමට නියමිතව තිබූ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 57න් ශ්‍රී ලංකාව විසින් ‘ඉටුකර’ ඇත්තේ 38ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

IMF වැඩසටහන ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසුමට ලක්කිරීම සඳහා වෙරිටේ රිසර්ච් හඳුන්වාදුන් මාර්ගගත වේදිකාව වන IMF මීටරය, අගෝස්තු මාසය අවසන් වන විට වැඩසටහනේ ඇති කැපවීම් 11 ක ප්‍රගතිය තවදුරටත් ‘නොදනී’ ලෙසත්, 8ක ප්‍රගතිය මේ වන විට ‘ඉටු නොකළ’ ලෙසත් වර්ග කර තිබෙනවා. 2023 මාර්තු මස ආරම්භ වූ මෙම වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ දෙවන ණය වාරිකය අනුමත කිරීම සඳහා IMF නියෝජිත කණ්ඩායමක් මේ සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. අනුමැතිය ලැබීම ඔක්තෝබර් මස අවසානය වන තෙක්වත් පමාවෙනු ඇතැයි අපේක්ෂිත බවයි වෙරිටේ රිසර්ච් පවසන්නේ.
 
“IMF සමාලෝචනයේ දී, ජුනි මස අවසන් වන විට ඉටුකිරීමට නියමිතව තිබූ කැපවීම් කෙරෙහි අවධානය යොමුවීමට බොහෝ දුරට ඉඩ ඇත. එවැනි පසුබිමක, ශ්‍රී ලංකාව ආණ්ඩුකරණය හා සම්බන්ධ ප්‍රධාන කැපවීමක් ඉටුකිරීමට තවමත් අපොහොසත්ව තිබීම කැපී පෙනේ. එය නම් මූල්‍ය විනිවිදභාවය ප්‍රදර්ශනය කිරීම සඳහා වන මාර්ගගත වේදිකාවක් පිහිටුවීම යි. මාර්තු අග වන විට ඉටු කිරීමට නියමිතව තිබූ මෙම කැපවීම තවමත් ඉටු කර නොමැත.

මූල්‍ය විනිවිදභාවය ප්‍රදර්ශනය කරන වේදිකාවෙන් අපේක්ෂා කරන්නේ මොනවාද? මෙම වේදිකාව යටතේ අර්ධ වාර්ෂික පදනමින් ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ තොරතුරු ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඒවා නම්: (1) රාජ්‍ය ප්‍රසම්පාදන පිළිබඳ සියලුම වැදගත් කොන්ත්‍රාත්තුවලට අදාළ තොරතුරු, (2) ආයෝජන මණ්ඩලය හරහා බදු නිදහස් කිරීම් භුක්ති විඳින සියලු සමාගම්වල ලැයිස්තුවක් සහ (3) සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස් කිරීම් භුක්ති විඳින පුද්ගලයන්ගේ සහ සමාගම්වල ලැයිස්තුවක්, යනාදිය වේ. මෙවැනි වේදිකාවක් හරහා රජයේ ක්‍රියාකාරකම් ජනතාවට අනාවරණය වන අතරම, මහජන මුදල් වියදම් කරමින් පුද්ගලික ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් බලය අනිසි ලෙස භාවිතා කිරීම ද, සීමා කරගත හැකි ය.
 
මෙවර ක්‍රියාත්මක වන IMF වැඩසටහන, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික පිබිදීමක් සහ ස්ථාවරත්වයක් ඇතිවීමට නම් ආණ්ඩුකරණයේ ඇති ගැටලු විසඳාගත යුතුව ඇතිවා මෙන්ම දූෂණයට පිළියම් සෙවිය යුතු බවත් හඳුනාගෙන තිබෙන පළමු වැඩසටහන වීම ද, විශේෂය. එහිලා, ඉහත කී මූල්‍ය විනිවිදභාවය ප්‍රදර්ශනය කරන වේදිකාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා රජය ලබා දී ඇති කැපවීමේ වැදගත්කම කැපී පෙනේ.

රජයට පාලනය කර නොහැකි තත්වයන් වල දී, කැපවීම් ඉටු කිරීමට නොහැකි වන අවස්ථා නොසළකා හැරීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අලුත් දෙයක් නොවේ. නමුත්, මූල්‍ය විනිවිදභාවය තහවුරු කරන මෙම වේදිකාව පිහිටුවීම ශ්‍රී ලංකා රජය අත පවතින්නක් වේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණයේ ගැටලු පවතින බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඔවුන්ම කළ ඇගයීම ප්‍රකාරව හඳුනාගෙන ඇති දෙයකි. එනිසා ඔවුන් ශ්‍රී ලංකා රජය මෙම කැපවීම ඉටුකර නොතිබීම නොසළකා හැරීම, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණයට අදාළ කැපවීම් ඉටු කිරීමේ වැදගත්කමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිසි වටිනාමක් ලබානොදෙන්නේ ය යන අදහස ඇති කරන්නක් විය හැකිය. එවැනි තත්ත්වයක, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණයේ පවතින ගැටලු විසදීමෙහි ලා අනාගතයේ ගැනීමට ඉඩ තිබෙන පියවරයන්ගේ තත්ත්වයත් එළෙසම වීමට ඉඩ තිබේ.
 
IMF මීටරය යනු 2023 මාර්තු 20 වන දින අනුමත කරන ලද වැඩසටහන යටතේ IMF වෙත යොමුකළ ශ්‍රී ලංකාවේ අභිප්‍රාය ලිපිය තුළින් වාර්තා කරන ලද හඳුනාගත් කැපවීම් 100ක් නිරීක්ෂණය කරන ශ්‍රී ලංකාවේ පළමු සහ එකම වේදිකාව වේ” යැයි මේ සමබන්ධව වෙරිටේ රිසර්ච් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka