gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාර ඉදිරියටත් වෙන්න පුළුවන් – ආරක්ෂක රාජ්‍ය ඇමති කියයි

පාස්කු ඉරිදා වැනි ප්‍රහාර ඉදිරියටත් මේ රටේ සිදු විය හැකි බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාස්කු ඉරිදා වුනේ  රටට එන අන්තිම ප්‍රහාරය කියා හිතන්න එපා යැයි කී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා අන්තවාදී හැගීම් තියෙන පිරිස් රට ඇතුලේ මෙන්ම පිටත් ඉන්න බවත් ඒ අය හොයාගන්නට  බුද්ධි අංශ දිවා රෑ නොබලා කටයුතු කරන බවත් කීය.
පහුගිය කාලයේ පාර්ලිමේන්තුවේ සොනික් සොනික් යන වචනයක් රැව් දුන් බව කී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා සොනික් යනු  බුද්ධි නිලධාරියෙක් බවද එය අන්වර්ත නාමයක් බවද පැවසීය.

ඉතා අසීරුවෙන්   ත්‍රස්තවාදී ජාලයට  සූක්ෂම ලෙස රිංගා තොරතුරු ලබා ගත්තේ ඔහු බව කී ප්‍රමිත බණ්ඩාර මහතා ඔහු ත්‍රස්තවාදියෙක් ලෙස පෙනී සිටිමින් එසේ කළ බව ද කීය.

එම කාරණා තේරුම් ගන්න තරම් පරිණත පාර්ලිමේන්තුවක් මේ රටේ තිබිය යුතු යැයි  වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා කීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය  පිළිබඳ  සභාව කල් තැබීමේ විවාදයට සහභාගී  වෙමින් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව කීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka