චැනල් 4 අනාවරණ ගැන යූ.එන් පරීක්ෂණයක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ 2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කළ යුතු බවත් එම සිදුවීමේ සියලු පැති ආවරණය වන පරිදි ස්වාධීන පරීක්ෂණයක් ජාත්‍යන්තර සහාය ඇතිව පැවැත්විය යුතු බවත් එක්සත්
ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (06) ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
එසේම පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බවද මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
සත්‍ය සෙවීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් වරදකරුවන් සිදුකළ වරදවල් පිළිබඳ වගකීම් එම වරදකරුවන්ට ලබා දීමට ප්‍රමාණවත් යාන්ත්‍රණ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවත් එසේම වෙනසක් සිදු කිරීමට දේශපාලන අධිෂ්ඨානයක්ද තිබිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳව ක්‍රියාත්මක වන යාන්ත්‍රණ ප්‍රමාණවත් නොවන බවද එම වාර්තා වේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 14 ක කාලයක් ගෙවුණත් තවමත් දස දහස් ගණනක් වූ වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් සත්‍ය, යුක්තිය සහ විසඳුම් සොයමින් වේදනා විඳින බවද එම වාර්තාවේ දැක්වේ.
(lankadeepa.lk)
චැනල් 4 අනාවරණ ගැන යූ.එන් පරීක්ෂණයක් ඉල්ලයි
2023-09-07T09:22:00+05:30
Gossip Lanka Hot News






