gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාව සද තරණය කලේ කාලකණ්නි කුහකයන් නැති නිසා - විමල් වීරවංශ

රටක් ලෙස ජයග්‍රහණයක් ලබා ගත් විට, වැසිකිලි නැති සංඛ්‍යාව, නූගතුන් සංඛ්‍යාව, කුල ගැටුම්වලින් පීඩාවට පත්ව සිටින සංඛ්‍යාව ආදිය පිළිබඳව පෙන්වා දෙමින් එම සතුට අඩපණ කරන සංස්කෘතියක් ඉන්දියාවේ තරුණ පරපුර තුළ නැති බවත් ඒ පිළිබඳව ආඩම්බර වෙමින් අපේ තරුණ පරපුරට ද එය ඉන්දියාවෙන් ඉගෙන ගන්නා ලෙස අවධාරණය කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ඉන්දියාව සඳ තරණය කළ හතරවැනි රට බවට පත්වීම පිළිබඳව සිය ප්‍රණාමය පුද කරමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“සඳ තරණය සඳහා ඉන්දියාවට බිලියන ගණනක ධනස්කන්ධයක් වැය වන විට, ‘වැසිකිලි නැති මෙච්චරක්, දුප්පතුන් මෙච්චරක්, කුල ගැටුම් නිසා පීඩාවට පත්වූ මෙච්චරක්, නූගතුන් මෙච්චරක් ඉන්නවා’ යැයි කියමින් ඒ සතුට අඩපණ කරන සංස්කෘතියක් ඉන්දියාවේ තරුණ පරපුර තුළ නැහැ. අපි ඒ ගැන ආඩම්බර වෙනවා. ඉන්දියාවේ තරුණ පරපුර මොන කුලයේ, ගෝත්‍රයේ, වර්ගයේ වුවත් තමන්ගේ ජාතික කොඩිය සහ ජාතිකත්වය සමග පුදුමාකාර හැඟීමකින් ඉන්නවා.

එසේ කවර හෝ අඩුපාඩු පදනම් කරගනිමින් කාලකන්නි ගැරහීමට ඔවුන් ගිහින් නැහැ. ඒ සඳහා ඉන්දියානු සිනමාව මහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ‘අපේ තරුණ පරම්පරාවත් එය ඉන්දියාවෙන් ඉගෙන ගත යුතුයි’ කියා අවධාරණය කරමින් සඳ තරණය කළ ලෝකයේ 4 වැනි රටට, අපේ අසල්වැසියාට අපේ ප්‍රණාමය සහ ගෞරවය පුද කර සිටිනවා.”

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka