gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වීසා ක්‍රමවේදය සරල කරන්න යයි

වර්තමානයේ මෙරට ක්‍රියාත්මක පවතින වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා

ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මෙරට ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට හා වර්තමානයේ ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදයන් වඩාත් සරල කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කර ඇත.

පැමිණීමේ වීසා සහ වාස වීසා යන වීසා වර්ග දෙක යටතේ නිකුත් කරනු ලබන වීසා කාණ්ඩයන්ගේ පවතින සංකීර්ණතා සැලකිල්ලට ගෙන වැඩි විදේශීය ආකර්ෂණයක් පවතින රටවල ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදයන් සලකා බලා මෙරට ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට තීරණය කර තිබේ.

1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත සහ ඒ යටතේ නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසිවලට අනුකූලව මෙරටට පැමිණෙන විදේශිකයන් හට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා වශයෙන් වීසා වර්ග තුනක් නිකුත් කරනු ලබයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka