ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුරාණ දේවාලයක් වන සීනිගම ශ්‍රී දෙවොල් දේවාලයේ ඉදිරි වසර 05 සදහා භාරකාර ධූරයට සුදුස්සෙකු ලබන සතියේ පත් කිරීමට නියමිත බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කියයි.
පසුගිය අගොස්තු මස 16 සහ 17 දෙදින මේ සදහා සම්මුඛ පරික්ෂණ පැවැත්වූ බවත් ඒ සදහා සහභාගී වූ අයදුම්කරුවන් 24 දෙනාගෙන් 05 දෙනෙකු අවසන් වටයේ සම්මුඛ පරික්ෂණයට තෝරාගෙන එයද පසුගිය සතියේ පවත්වා අවසන් කර තිබෙන බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් කේ සිරිබද්ධන මහතා අද (31) ප්‍රකාශ කළේය. දේවාල භාරකරු තනතුර සදහා අයදුම්පත්‍ර 34 ක් ලැබුණ බව සදහන් කල ඒ මහතා එයින් සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූයේ 24 ක් බවද වැඩිදුරටත් සදහන් කළේය.
අවසන් සම්මුඛ පරික්ෂණයට සහභාගී වූ 05 දෙනාගෙන් අයෙකු දේවාලයේ භාරකරු සදහා පත් කරන බවත් 1918 විහාර දේවාලගම් පනතේ අංක 19 වගන්තියට අනුව නුසුදුස්සන් නම් කර ඇති බවත් එවන් නුසුදුස්සන් එම වගන්තියෙන්ම ඉවත් කිරීමටද බලය තිබෙන බවත් කේ සිරිබද්ධන මහතා සදහන් කළේය.
ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුරාණ දේවාලයක් වන සීනිගම ශ්‍රී දෙවොල් දේවාලයේ භාරකාර තනතුරට ඉහල අධ්‍යාපන මට්ටමක් ඇති හැකියාවෙන් පරිපූර්ණ, පිරිස් කළමනාකරණයේ හා පාලන භාරකාරත්ව කටයුතු මැනවින් දන්නා අයෙකු පත් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.
දේවාලයේ භාරකාර තනතුර සදහා මෙවරද නුසුදුස්සකු පත් කරාවිය යන්න සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අතර සැකයක් ඇත. ඓතිහාසික වටිනාකමක් ඇති පුරාණ දේවාලයක භාරකාරත්වයට තෙල් බෙහෙත් විකුණන, නයි නටවන දුර්වල භාරකරුවන් මින් ඉදිරියට පත් නොකරන ලෙසද ප්‍රදේශවාසිහු අදාල බලධාරින්ගෙන් ලිඛිතව ඉල්ලා තිබෙන බවද අදාල සම්මුඛ පරික්ෂණයට ඉදිරිපත් වු අයදුම්කරුවෝ ප්‍රකාශ කරති.
මෙම සම්මුඛ පරික්ෂණයේ දී රටේ පිළිගත් උපාධි සහතික සහිත, උසස් අධ්‍යාපන සහතික, ඉහළ සමාජ පිළිගැනිමක් ඇති මෙන්ම පරිපාලනයේ සුවිශේෂී පුද්ගලයින් දෙවන වටය සදහා තෝරාගෙන නොමැති බවද සම්මුඛ පරීක්ෂණය සදහා ඉදිරිපත් වූ ඇතැම් අයදුම්කරුවෝ ප්‍රකාශ කරති.
දෙවන වටයට තෝරාගෙන ඇත්තේ හිටපු සහ සිටින භාරකරුවන් දෙදෙනෙක් දේවාලයේ කපු මහත්තයෙක් සහ එජාපයේ හා පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් බවද දැනගන්නට තිබේ. මෙයින් එක් අයෙකු ගිනි අවියක් සමග විශේෂ පොලිස් ඒකකයක් විසින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට දඩුවම් නියම වූ අයෙකු බවද ආරංචි මාර්ග සදහන් කරයි.
– ජයකාන්ත ලියනගේ, බළපිටිය