gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාතාලය මර්දනයට වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි – ටිරාන්

ජනාධිපතිවරයාගේ උපදෙස් මත පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ දැනමටමත් ක්‍රියාත්මක කර ඇතැයි මහජන ආරක්ෂක  අමාත්‍ය ටිරාන් අලස් මහතා කියයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිඳු ක්‍රියාකාරකමකට රජය ඉඩ තබා නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට දේශපාලනයෙන් තොර ආයතනයක් ලෙස කටයුතු කරන බවත්, රටේ නීතියේ ආධිපත්‍ය උපරිමයෙන් සුරැකීමට පොලිස් දෙපාර්තමේන්තුව කැපවී සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරයට අදාළ සම්පූර්ණ වාර්තාව කතෝලික සභාවට ලබා දීමට පියවර ගෙන ඇති බවත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශනවලට කතෝලික සභාව ද සහාය ලබාදිය යුතුව ඇතැයි ද ඔහු කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිරාන් අලස් මහතා මෙසේද කීය.

“පොලිස් දෙපාර්තමේන්තුව වර්තමානය වන විට දේශපාලනයෙන් තොරව වැඩකටයුතු කරගෙන යනවා.ඒ වගේම රටේ නීතිය උපරිමයෙන් සුරැකීමට ද කැප වී සිටිනවා. පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සපයාදීමට ද රජය පියවර ගෙන තිබෙනවා. වත්මන් රජය පත්වී තවම ගතවී ඇත්තේ වසරක පමණ කෙටි කාලයක්. ඒ නිසා වසරක් වැනි කාලයක් තුළ එහි සියලු අඩු පාඩු සම්පූර්ණ කිරීමට හැකියාවක් නැහැ.

නමුත් වසරක් තුළ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සැලකිය යුතු වැඩකොටසක් ඉටු කර තිබෙනවා. දැනට පොලිස් දෙපාර්තමේන්තුව තුළ නිලධාරීන් 85000ක් පමණ සිටිනවා. පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවරම මැඩලීම සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා.

 
ඒ වගේම මත්ද්‍රව්‍යවලින් තරුණයන් බේරා ගැනීමේ පුළුල් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා තිබෙන බව කිව යුතුයි.

දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරකම්වල වැඩිවීමක් පසුගිය කාල සීමාව තුළ දක්නට ලැබුණා. එම නිසා විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය, ආරක්ෂක අංශ සමඟ එක්ව දකුණු පළාතේ සුවිශේෂී මෙහෙයුම් ආරම්භ කළා. ඒ අනුව දකුණු පළාත තුළ පාතාල ක්‍රියාකාරකම් සැලකිය යුතු අන්දමින් මර්දනයට කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ වගේම රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ දැනටමත් රජය ක්‍රියාත්මක කර තිබෙනවා. වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිදු ක්‍රියාකාරකමට රජය  කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැහැ.

ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය දැන් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය කාලය පුරාම විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ජනතාව විශාල වශයෙන් පෝලිම්වල රැඳී සිටියා. ඒ වගේම එහි විවිධ වංචා, දූෂණ සිදු වුණා. දැන් එවැනි වංචනික ක්‍රියාවන්ට කිසිඳු ඉඩක් හිමි වන්නේ නැහැ.

ඒ වගේම දැන් ඕනෑම අයෙකුට පෝලිම්වල නොසිට  විදෙස් ගමන් බලපත්‍රය ලබා ගන්න පුළුවන්. විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළව ඇගිලි සළකුණු ලබා ගැනීමේ ස්ථාන 51ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට ද කටයුතු කර තිබෙනවා. මේ නිසා කෙටි කාලයක් තුළ විදෙස් ගමන් බලපත්‍රය නිවෙසටම ලබා ගැනීමේ  හැකියාව පවතිනවා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka