gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිස්ත‍්‍රික් කමිටුවට භික්‍ෂුන් පිරිසක් කඩාවදිති... තහනම ඉවත් කරගෙන ආපසු වඩිති!

අද දිනයේ පැවති ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට බලහත්කාරයෙන් ඇතුළු වූ භික්ෂුන් වහන්සේලා පිරිසක් විරෝධතාවයක් දියත් කළහ.

බොරළු කන්ද රජ පා විහාරස්ථානයේ ඉදිකිරීම් නවත්තන්නැයි පනවන ලද තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පවත්වන ලද්දේ එම රජමහා විහාරාධිපති අම්පිටියේ සීලවංශතිස්ස හිමියන් ඇතුළු පිරිසකි.

දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව පැවැති කාර්යාලයට කඩා වැදුණු භික්ෂූ කණ්ඩායම එම එහි බිම වාඩිවී සත්‍යග්‍රහයක යෙදුනේ මෙම තහනම ඉවත් කරන ලෙස ඉල්ලමිනි.

ඒ අනුව ආණ්ඩුකාර වරයාගේ උපදෙස් මත එම තහනම ඉවත් කිරීමට තීරණය කරන ලද අතර ඊට අදාළ නියෝගය විහාරාධිපති හිමියන් අතට ලබා දීමෙන් පසු ඔවුන් ඉන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka