ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කෙසේ ප්‍රකාශ කළත් ජනාධිපතිවරණය නියමිත දිනට පෙර නොපැවැත්වෙන බවත්, නමුත් නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ දී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ දී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ පීරිස් මහතා කියා සිටියේ අස්වැසුම යනු දැවැන්ත ප්‍රෝඩාවක් බව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 62 දෙනෙක් ජනාධිපතිවරයාට දන්වා ඇති බවත්, වත්මන් රජය තුළ ආණ්ඩු කිහිපයක් පවතින නිසා මහජනතාව අන්ත දුගී බවට පත්ව ඇති බවත්ය.
වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුල සාමූහික වගකීම ගිලිහී ගොස් ඇති බව පෙන්වා දුන් පීරිස් මහතා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා කැබිනට් ඇමතිවරුන් අතර සාමූහිකත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් පෙන්වා දුන්නේය.