gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ඔබතුමා මොකට ඇමැතිකමක් දරනවද?’ පන්සලට ආ ඇමැති බන්දුලට අටමස්ථානාධිපති පල්ලේගම හිමියෝ මූණටම කියති!

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ආරක්ෂාව සැපයීමට බැරි නම් ආණ්ඩුවේ ඇමැතිකමක් දරන්නේ කුමටදැයි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියෝ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට දෝෂාරෝපණය කළහ. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන මඟින්ට එතැන් සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ලංගම බස් රථයක් ලබා දෙන්නැයි දීර්ඝ කලක සිට ඉල්ලීම් කළත් තවමත් බස් රථයක් යොදවා නැතැයිද මේ නිසා දුම්රියෙන් පැමිණෙන මඟීන්ට ත්‍රීරෝද රථවලට විශාල මුදලක් ගෙවන්නට සිදුව ඇතැයිද උන්වහන්සේ කීහ.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි හමු වී ආශිර්වාද ගැනීමට ඊයේ(14) පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මෙසේ දෝෂාරෝපණය කළහ.

එහිදී උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට වැඩිම බැතිමතුන් පිරිසක් පැමිණෙන්නේ දුම්රියෙන්. එතැන් සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගමන් කිරීමට කිසිදු ලංගම බස් රථයක් යොදවලා නැහැ. දිගු කාලයක සිට කොයි තරම් ඉල්ලීම් කළත් ලංගම බස් රථ දුවන්න දෙන්නේ නැහැ. දුම්රිය ස්ථානයට දුම්රියක් ආපු ගමන්ම ත්‍රිරෝද රථ පෝලිමේ ඇවිත් එතන ආක්‍රමණය කරනවා. සමහර බැතිමතුන් ත්‍රිරෝද රථවලට නඟින්න අකමැති වුනත් බලහත්කාරයෙන් ඒ අය ත්‍රිරෝදවලට පටව ගන්නවා. ඊට පසු ත්‍රිරෝද රථය වට ගණනාවක් ගිහින් ජය ශ්‍රී මහා බෝධියට ඒ අයව එක්කගෙන ගිහිල්ලා රුපියල් හත්සිය පනහක්, දාහක් ඒ අයගෙන් අය කරනවා. පොලිසියට පමණක් නෙමෙයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ලංගම සේවකයන්ට ඔක්කොටම මේ අය මැර තර්ජනත් එල්ල කරනවා. දෙවතාවක් සී.ටී.බී බස් රථ ධාවනය කරන්න උත්සහ කළත් ඒ අයට කරපු පහරදීම් හේතුකොට ගෙන ඒ අයට තුවාල සිදු වූ අවස්ථාත් තියෙනවා. ඒ නිසා බැතිමතුන්ට විශාල අගතියක් වෙනවා කියන එක එන අය පැහැදිලි කරනවා. මේ ගැන දේශපාලන නායකයන්ටත් දැනුම් දී තිබෙනවා. නමුත් මේ සියලුදෙනා මට පේන්නේ මේ මැර කණ්ඩායම්වලට බිය වෙලා තිබෙනවා. දුම්රිය මගින් ජය ශ්‍රී මහා බෝධිය වඳින්න එන අයට ආරක්ෂාව දෙන්න ආණ්ඩුවට බැරිනම්, අමතර බස් දාලා හරි ඒ අයට පහසුකම් දෙන්න බැරි නම් ඇමැතිකමක් කරන්නේ මොකටද කියලා මම බන්දුල ඇමැතිතුමාගෙන් අහන්න කැමැතියි.

මෙම අවස්ථාවට උතුරු මැද හිටපු මහ ඇමැති රංජිත් සමරකෝන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්, පළාතේ උසස් නිලධාරීන් සහභාගී වී සිටි අතර උන්වහන්සේ ඇමැතිවරයා ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ පොලිසියට කියලා ඵලක් නැත්නම්, ජනාධිපතිතුමාට කියලා හමුදාව හරි යොදලා බැතිමතුන්ගේ ආරක්ෂාව සලසන්න වැඩපිළිවෙළක් ඉක්මනින් සකස් කරන ලෙසයි.


සෑම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙන්ම පොහෙය දිනවලටත් අනුරාධපුරයට එන බැතුමතුන් වෙනුවෙන් දුම්රිය හා ලංගම ඒකාබද්ධ බස් සේවාවක් ඇති කිරීමට සඳහා කෙසේ හෝ බස් රථ දෙකක් ලබා දෙන බවට ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අටමස්ථානාධිපති හිමියන් හමුවේ පොරොන්දු විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka