gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රෝසිගේ නිල නිවසේ විදුලිය කැපීම පිටුපස කතාව නාගරික කොමසාරිස් හෙළි කරයි

කොළඹ හිටපු පුරපති රෝසි සේනානායකගේ නගරාධිපති නිල නිවසේ විදුලි බලය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ජේ.එම්. භද්‍රානි ජයවර්ධන පැහැදිලි කිරීමක් කර තිබේ.

ඇය සඳහන් කරන්නේ, නගරාධිපති නිල නිවසේ විදුලි බලය විසන්ධි කිරීම සිදු වී ඇත්තේ, කොළඹ මහ නගර සභාවේ අදාළ නිලධාරීන් නිසි පරිපාලන ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් බව ය.

‘මව්බිම’ පුවත්පත වෙත ලිපියක් යොමු කරමින් නාගරික කොමසාරිස්වරිය මේ බව සඳහන් කර තිබේ.

එහි දැක්වෙන්නේ, රෝසි සේනානායක ඇය ලද සියලු ම විදුලි බිල්පත් සඳහා ගෙවීම් කර ඇති බව ය.

අගෝ. 7 වන දා නගරාධිපති නිල නිවසේ විදුලිය විසන්ධි කිරීම සිදුවූවත් අගෝ. 8 වන දා නැවත විදුලි සම්බන්ධතාව ලබා ගත් බව නාගරික කොමසාරිස්වරිය සිය ලිපියේ සඳහන් කර තිබේ.

ඒ අනුව, විදුලිය විසන්ධි කිරීමට හේතු වූ කරුණු පිළිබඳව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක විසින් මේ වන විටත් පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබ ඇති බව ද එහි වැඩිදුරට ත් දැක්වේ.
 
මව්බිම


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka