gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝටි 5ක වන්දියක් ඉල්ලා රාජ්‍ය බුද්ධි ලොක්කාගෙන් එන්තරවාසියක්! - සහරාන් මුණ ගැසුණෙත් නෑලු...වන්දි නොදුන්නොත් රොහාන් සිල්වා පියතුමාට නඩු ෂුවර්ලු!

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල කළ චෝදනාවෙන් අපහාසයක්වූ බව සඳහන් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ සමාජ සහ ආගමික කේන්ද්‍රයේ (CSR) විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමාට රුපියල් කෝටි 5 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව එල්ල කළ චෝදනාව පදනම් විරහිත මෙන්ම තැති ගන්වනසුලු එකක් බවත්, තමා එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්, සලේ මහතා එම එන්තරවාසියෙන් දැනුම් දී ඇත්තේ.

මේජර් ජනරාල්වරයා මෙම එන්තරවාසිය යොමු කර ඇත්තේ නීතිඥ ලක්ෂිකා බක්මීවැව මහත්මිය මාර්ගයෙන් බවයි, වාර්තා වෙන්නේ.

පාස්කු ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නම් පුද්ගලයා තමා මුණගැසී ඇති බවට පියතුමා එල්ල කරන චෝදනාවද, මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් හෝ ඔහුගේ අනුගාමිකයෙකුට හෝ සංවිධානයකට ලද මූල්‍ය ආධාර හෝ සහාය දුන් බව කියැවෙන ප්‍රකාශ සියල්ලද, ප්‍රතික්ෂේප කරන බව සලේ මහතා එම එන්තරවාසියෙන් ප්‍රකාශ කර තිබෙනවා.

පියතුමා සඳහන් කරන කාලයේදී තමා සිටියේ විදේශගතව වෙනත් රැකියාවක නිරතව බවද ඔහු දැනුම් දී ඇතැයි සඳහන්.

මෙම වන්දි ගෙවීමට අපහසු වුවහොත් දැනුම් දීමකින් තොරව රොහාන් සිල්වා පියතුමාට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකරන බවද එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka