gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජබ මන්තිවරුන් දෙන්නෙක් ආණ්ඩුවට පනී! නිල රථ සමග කැබිනට් ඇමතිවරුන්ටත් නොදෙවෙනි කාර්යමණ්ඩලයක්!

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක තනතුරු දෙකක් අලුතින් ඇතිකර ඒ සඳහා සජබ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පත්කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මේ සඳහා ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන සජබ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු පත්කර තිබෙනවා.

කලින් ක්‍රියාත්මක නොවුණු මෙම තනතුරු දෙක සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවද වාර්තාවේ.

එක් තනතුරක් සඳහා කාර්යමණ්ඩලය11 දෙනෙකු බැගින් අනුමත කරගෙන ඇති බවද දැනගන්නට ඇත.

එම තනතුරු සඳහා දැනට රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් පත්කරගැනීමට අනුමැතිය ලැබී තිබු අතර පසුව ඉහත සඳහන් කුරුණෑගල මන්ත්‍රීවරයා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් එම තත්වය වෙනස් කර පිටින් කාර්යමණ්ඩල නිලධාරීන් බඳවා ගැනීමට යලි අවසර ලබාගෙන ඇති බවද වාර්තාවේ.

මෙම නව තනතුරු දෙක සඳහා නිල රථ දෙකක්ද ලබා දී ඇති අතර කාර්යමණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකුටද නිල රථ කිහිපයක් නිදහස් කරගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

ඊට අමතරව පසුගියදා මෙම කාර්යමණ්ඩල සාමාජිකයන්ට හිඟ වැටුප් යැයි පවසමින් මුදල් ගෙවීමක් සිදුකර ඇතැයිද වාර්තාවේ.

මේ හේතුව නිසා අදාල මන්ත්‍රීවරුන් දෙදෙනා මේ දිනවල පාර්ලිමේන්තුවේ ආණ්ඩුව විවේචනය නොකර නිශ්ශබ්දව සිටීමටද තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

දේශපාලන වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka