ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළව සිදු කළා යැයි චෝදනා එල්ල වන, ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති කෙටුම්පතට පිළිතුරු බැඳීමට කල් ඉල්ලා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඊට අදාළව විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පිටු 02ක සැර ලිපියක් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසන්නේ.
එම ලිපියේ පිටපතක් මේ වනවිට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කේ.මහේෂන් මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කර තිබෙනවා.
මෙම විගණන කෙටුම්පතට අදාළව කරුණු දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත මෙම මස 26 වැනිදා දක්වා කල් ඉල්ලා ලිපියක් යොමු කර තිබුණා.
එම ලිපිය ලේකම්වරයා රජයේ විගණන කාර්යාලය වෙත යොමු කර තිබුණු අතර, ඒ අනුවයි අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම විගණන කෙටුම්පත සඳහා පිළිතුරු බැඳීමට කල් ඉල්ලාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර දෙවතාවකදීම ඔවුනට ඒ සඳහා අවශ්‍ය කාලය රජයේ විගණන කාර්යාලය විසින් ලබාදී තිබුණා.
කෙසේ වෙතත් මෙම විගණන කෙටුම්පත එළඹෙන 16 වැනිදා විගණකාධිපතිවරයා වෙත ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් යොමු කිරීමට නියමිතයි.
මෙම කෙටුම්පත් වාර්තාවේ සඳහන් කරුණු පාදක කර ගනිමින් මෙම මස 24 වැනිදා පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් පැවැත්වීමට නියමිත අතර, එම විවාදය ඉල්ලා තිබුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ මැදිහත් වීම මත විපක්ෂය විසින්.