gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ඔබ මහාචාර්යවරයෙක් නොවේ. කට වහනු..’ රොහාන් ගුණරත්නට ආරක්‍ෂක ආංශික සභාවේදී හකීම් බැණවදී!

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා විසින් මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා වෙත දැඩි ලෙස බැණ වැදීමක් සිදු කර තිබේ.

ඒ ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආරක්ෂක ආංශික සභාව හමුවට මහාචාර්යවරයා පැමිණි අවස්ථාවේදීය.

පාස්කු දින ප්‍රහාරය ආගමික ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාරයක් බව සාක්ෂි සහිතව සනාථ වන්නේ යැයි රොහාන් ගුණරත්න මහතා එහිදී පෙන්වා දීමට ගිය අවස්ථාවේ මන්ත්‍රීවරයා මෙසේ බැණ වැදී ඇත.

මන්ත‍්‍රීවරයා සඳහන් කර ඇත්තේ ‘ඔබ මහාචාර්යවරයෙක් නෙවෙයි. වහාම ඔය කතාව නවත්තන්න’ යනුවෙනි.

මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට කැඳවා ඇත්තේ මෙම ආංශික සභාවෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ආංශික සභාව සතිපතා රැස්වීවන අතර මෙහි සාමාජිකයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මහතාද පත්කර තිබේ.

පසුගිය 24 වනදා මහාචාර්යවරයා කැඳවා ඇති අවස්ථාවේ මෙම උණුසුම් තත්වය ඇතිව තිබේ.

එහිදී කමිටුවේ සභාපති සරත් වීරසේකර මහතා සඳහන් කර ඇත්තේ ආංශික සභාවේ ආරාධනයක් මත පැමිණ ආරාධිතයෙකුට බැන වැදීම හා ඔහුගේ සුදුසුකම් පරික්ෂා කිරීම නුසුදුසු බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka