gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව ගැන කතාකරන්න ගිහින් රංජිත් බණ්ඩාර අනුර යාපාගෙන් හොඳටම අහගනී!

නව සන්ධානයේ මන්ත්‍රීවරුන් වන පියංකර ජයරත්න සහ අනුර පියදර්ශන යාපාට පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ පාර්ලිමේන්තු පාරේ කිඹුලාවල ඇවිදින මන්තීරුවේදී ව්‍යායාම සිදුකරන අතරතුර පොහොට්ටු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා මුණ ගැසී තිබෙනවා.

“කොහොමද සර්..බැසිල් ඇමැතිතුමයි අපි කට්ටිය සර්ලා ගැන කතා වුණා”රංජිත් විමසා ඇත.

“ඒ මොනවද අපි ගැන කතාවුනේ“පියංකර ඇවිදින වේගය මදක් අඩුකරමින් රංජිත් බණ්ඩාර දෙස බලමින් විමසා තිබෙනවා.

“දිස්ත්‍රික් නායකකම් දෙනකොට දීර්ඝ කාලයක් අපිත් එක්ක වැඩකරපු අයට දුන්න නම් මේ ගැටළු අඩුවෙනවා“රංජිත් එසේ කියනවත් සමග අනුර යාපා රංජිත්ට අමතන්න පටන් අරන්.

“ඉතින් ඔයගොල්ලොනේ ඒක කලේ කොහෙවත් ඉන්න අයට දිස්ත්‍රික් නායකම් දීල පක්ෂය ඉවර කළා.එකෙන් කි දෙනෙක් පක්ෂය දාලා ගියාද ,බැසිල්ලට කියන්න දැන් පරක්කු වැඩියි කියල “අනුර යාපා කේන්තියෙන් කියාගෙන ගිහිල්ලා.

රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා නිහඬ වුවා මිස ඉන් එහාට කිසිවක් නොකීමට වගබලා ගෙන ඇත.

පසුව රංජිත් මන්ත්‍රීවරයා ඔහුගේම දුරකතනයෙන් සිනාමුසු පින්තුරයක් අරගෙන තියෙනවා කියලයි ආරංචි.

දේශපාලන වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka