gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ බෞද්ධ-හින්දු ආගමික ගැටුමක් අවුලා ඉන්දියාවේ මෝදි කුපිත කරවීමේ කුමන්ත‍්‍රණයක්!

විපක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙන්නෙ හින්දු සහ බෞද්ධ ජනතාව අතර ආගමික ගැටුමක් නිර්මාණය කිරීමට බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එවැනි ගැටුමක් නිර්මාණය කර ඉන්දියාවෙන් මෙරට ලැබෙන සහාය නතරකිරීමට හැකියාව ලැබේයැයි විපක්ෂය කල්පනා කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ එබැවින් මෙම ප්‍රශ්නයට ඉතා බුද්ධිමත්ව මුහුණ දිය යුතු බවයි.


ගම්පහ, ලක්සියනෑ මැදුරේ දී පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ප්‍රශ්නය- මේ වෙනකොට රටේ සංවර්ධනය නතරවෙලා නේ තියෙන්නේ. අලුත්ම තත්ත්වය මොකක්ද?

පිලිතුර- කොරෝනා වසංගතය නිසා රට යම්කිසි තරමකට පසුබෑමකට ලක්වුණා. රටට ආයෝජන ආවේ නැහැ. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුනේ නැහැ. නමුත් දැන් තත්ත්වය වෙනස්. රටට ආයෝජකයන් එනවා. සංවර්ධන කටයුතු ආරම්භ කරල තිබෙනවා. අපි විශ්වාස කරනවා ලබන වසර වෙනකොට, ඒ කියන්නේ අයවැයෙන් පසුව රට සාමාන්‍ය තත්ත්වයට ගන්න පුළුවන් වෙයි කියල.


ප්‍රශ්නය- ලබන වසර ඡන්ද වසරක්. ඡන්ද පවත්වනවද? ඔය සංවර්ධන වැඩ කරන්න පුළුවන් වෙයිද?


පිලිතුර- ඡන්දය කියන්නේ වෙනම කාරණයක්. පසුගිය කාලයේදී අතපසු වූ වැඩ යාවත්කාලීන කරගන්න ක්‍රමවේදයක් හදල දෙන්න කටයුතු කරනවා. උදාහරණයක් විදියට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පක්ෂ භේදයකින් තොරව සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා. ඒ වැඩකටයුතු ගැන කතා කරන්න. අපි පළමුවෙන්ම ගමේ මිනිස්සුන්ගෙ අවශ්‍යතා හඳුනා ගන්න ඕන. ඒවා සම්බන්ධීකරණ කමිටුවේ කතා කරන්න ඕන. එහෙම නැතුව කොළඹ කාමර ඇතුලේ ඉඳන් හදන සංවර්ධන සැලසුම් ගමට ප්‍රායෝගික නැහැ. ඒ නිසා ක්‍රමවේදයක් හදන්න ඕන.

ප්‍රශ්නය- පළාත් සභා සහ මහ ආණ්ඩුව අතර යම් ගැටුමක් තිබෙන බව කතාවෙනවා.

පිලිතුර- නැහැ , රජය හා පළාත් සභා සියලුම දේවල් එකම ක්‍රමවේදයකට යන්න ඕන.මධ්‍යම රජය, පළාත් සභා සැලසුම් ක්‍රියාත්මක කරන්න ඕන ග්‍රාමීය කමිටුවේ අදහස් අනුවයි. එතකොට කාටවත් ගැටළුවක් නැහැ.

ප්‍රශ්නය- පළාත් සභා උපරිම බලතල ඉල්ලනවා. එතකොට ගැටළු ඇතිවෙයි නේද?

පිලිතුර- පලාතේ අවශ්‍යතා ඉටුනොවුනොත් මිනිස්සු ඒ පළාත් සභා ප්‍රතික්ෂේප කරාවි. ඒ නිසා රජයේ ප්‍රතිපත්ති රාමුවක් තුළ මේ ආයතන කටයුතු කරන්න ඕන. එතකොට ගැටළුවක් ඇතිවෙන්නෙ නැහැ.


ප්‍රශ්නය- පළාත් සභාව සුදු අලියෙක්. ඒත් ඒක ප්‍රතික්ෂේප වෙන්නෙ නැහැනේ?

පිලිතුර- වැඩක් ගත්තෙ නැත්නම් පළාත් සභාව කියන්නේ සුදු අලියෙක්. ඒක වැඩක් ගන්න පුළුවන් තත්ත්වයට පත්කර ගන්න ඕන. පරිපාලන බලය බෙදුනොත් ඒ පළාතේ ජනතාවට සහනයක් ලැබෙනවා. මම පළාත් සභාවේ ඉන්න කාලෙ කිව්වේත් ඉඩම් හා පොලිස් බලතල සම්බන්ධයෙන් ජනතාව අතර යම් සැකයක් මතුවෙලා තියෙනවා කියලයි. අවිශ්වාසය එක්ක වැඩකරන ගියොත් එතන ප්‍රශ්න හැදෙනවා. ඒ නිසා ඒ දෙක පැත්තකින් තියල අනිත් අමාත්‍යංශවල පරිපාලන බලය බෙදන වැඩසටහනක් තමයි අපි යෝජනා කරල තියෙන්නේ. ඒක කරන්නේ කොහොමද කියල සාකච්ඡා කරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි.

ප්‍රශ්නය- පළාත් සභාවලට බලය බෙදීමෙන් ඝට්ටණයක් ඇතිවෙන්නෙ පුළුවන් නේද? අපි දැක්ක ත්‍රිකුණාමලයේත් යම් ප්‍රශ්නයක් ඇතිවෙනවා.

පිලිතුර- සමහර අය මේ රටේ කාලෙන් කාලෙට අර්බුද නිර්මාණය කරනවා. ආගම් අතර ප්‍රශ්න හදන්න දැන් පටන්ගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරය කියන්නේ යම්කිසි මුස්ලිම් කණ්ඩායමක් ක්‍රිස්තියානි පල්ලි ඉලක්ක කරගෙන පහර දීමක්. දැන් හදනව හින්දු – බෞද්ධ ගැටුමක් හදන්න. විපක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියා කරන්නේ ඉන්දියාවෙන් අපට දෙන සහාය නවත්වන්නයි. මෝදි අගමැතිතුමා හින්දු භක්තිකයෙක්. ඒක නිසයි ආගමික ගැටුමක් හදන්න යම් පිරිසක් උත්සාහ ගන්නෙ. අපි මේ ප්‍රශ්නයට ඉතාම බුද්ධිමත්ව මුහුණ දෙන්න ඕන.

ප්‍රශ්නය- හැමකෙනාම ඡන්දයක් ඉල්ලනවා. ඇයි ඡන්ද කල් දමන්නේ?

පිලිතුර- අපි ව්‍යවස්ථාවට අනුව වැඩකරල තියෙනවා. අදාළ කාලසීමාවේදී අපිට ඡන්දයට මුහුණ දෙනවා.

ප්‍රශ්නය- ලබන සතියේදී සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නවා. ඒකට මුහුණ දෙන්න ආණ්ඩුව සූදානම්ද?

පිලිතුර- අපි ලබන මාසෙ 6,7,8 දින තුන වෙන්කරල තියෙන්නේ විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්නයි. අපි ඒකට මුහුණ දෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ යම් අඩුපාඩු තියෙනවා. මේක සියයට සියයක් හරි කියල අපි කියන්නේ නැහැ. සෞඛ්‍ය විෂය ජනතාවට ඉතාම සංවේදී විෂයක්. රටේ බෙහෙත් නැහැ කියල වෘත්තීය සමිති රටේ යම් ආණ්ඩු විරෝධී මතවාදයක් හැදුවා. විවාදයෙදි මේවට වගකියන්න ඕන කවුද කියල විවාදයෙදි බලාගන්න පුළුවන්.

ප්‍රශ්නය- මේක ජයගන්න පුළුවන්ද?

පිලිතුර- ඔව්… අපි ජයගන්නවා.

ප්‍රශ්නය- ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන ඩලස් – අනුර සාම සාකච්ඡාවක් යනවා. ඔබතුමන්ලට මොකද වෙන්නෙ?

පිලිතුර- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් පක්ෂයක්. තමන්ට මැතිවරණයකින් ජයගන්න බැහැ කියල විපක්ෂ දන්නවා. කොරෝනා වසංගතය, රැසියානු – යුක්රේන් යුද්ධය නිසා රටේ ඇතිවුණ ආර්ථික අර්බුදයෙන් වාසිගත්තු සමහරු අරගලයක් නිර්මාණය කරල පොහොට්ටුවට ගැහුව්වා. අපේ සාමාජිකයන්ට ගහල, මරල බිමදිගේ ඇදගෙන යන ඒවා විඩියෝ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 80 ගණනකගෙ ගෙවල් ගිණි තිබ්බා. මේව සංවිධානාත්මකව වෙච්චි දේවල්. අපි පක්ෂයක් ලෙස සංවිධාන වෙනකොට නැවත අර්බුදයක් හදන සමහරු උත්සාහ ගන්නවා. ඒකට මුහුණ දෙන්න අපි සූදානම්.

ප්‍රශ්නය- ඔබතුමා කියන්නේ කවුරු එකතුවුණත් පොහොට්ටුව දිනනව කියලද?

පිලිතුර- ජනාධිපතිවරණයකදී නම් පොහොට්ටුවට සහාය දෙන අපේක්ෂකයා දිනනවා. මහමැතිවරණයකට සන්ධානයක් හැදිල තරඟ කරන්න සාකච්ඡා කරනවා. ඒක සාර්ථක වුනොත් මහමැතිවරණයත් ජයගන්න පුළුවන්.

ප්‍රශ්නය- ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ් ප්‍රශ්නය ඔඩු දුවනවා. ආණ්ඩුව මොකද කරන්නේ?

පිලිතුර- ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ සාමාජිකයන්ට ප්‍රශ්නයක් ඇති නොවෙන්න පාර්ලිමේන්තුවේ පණත් සම්මත කරගත්තා. අපි ඕක නොකළනම් බැංකු පද්ධතියම කඩාගෙන වැටේවි. පරිපාලනයේ අත්දැකීම් නැති නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා උගුලට අසුවුණා. දැන් ඉන්නෙ අත්දැකීම් තියෙන නායකයෙක්.

ප්‍රශ්නය- ගම්පහ දිස්ත්‍රික්කයේ මැර කණ්ඩායම් ප්‍රබලව කටයුතු කරනවා.

පිලිතුර- ගෝඨාභය රාජපක්ෂ මහත්තයට යන්න වුනේ පාතාලය හා මත්කුඩු මර්දනය නිසයි. ඒ ජාවාරම්කාරයො තමයි අරගලයට මාසතුනක් බුරියානි කන්න දුන්නේ. මේ ජාවාරම්කාරයෝ කප්පම් ගන්නවා. සාමාන්‍ය ජනතාවගෙ මානව හිමිකම් ආරක්ෂා කරන්නනම් මේක පාලනය කරන්නම වෙනවා.

ප්‍රශ්නය- ඒක කරන්න රජයට පුළුවන් වෙයිද ?

පිලිතුර- අපි මර්දනය කරනවා.එතකොට විපක්ෂය පාතාලය වෙනුවෙන් පෙනී ඉන්නවා.

– ප්‍රදීප් අනුර කුමාර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka