gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ ඉතිහාසය ගැන කතාකරන්න සජීවී විවාදයකට එන්න - ලන්සාගෙන් පොහොට්ටු මහ ලේකම්ට අභියෝගයක්!

පොදුජන පෙරමුණේ ඉතිහාසය ගැන කතාකිරීම සඳහා හැකිනම් ඕනෑම විවාදයකට එන්නැයි නව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා අභියෝග කරයි.

එය ඕනෑම නාලිකාව සජීවිව පැවැත්වීමට තමන් සුදානම් බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.

පොහොට්ටුවේ මහ ලේකම් සහ පත්කළ මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නව සන්ධානය පිළිබඳව සිදුකරන විවිධ ප්‍රකාශ සඳහා පිළිතුරු නොදෙන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විවිධ පාර්ශවයන් ලන්සා මහතාගෙන් සිදුකල විමසීමට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

පොහොට්ටුව නිර්මාණය කිරීමේ සැබෑ ඉතිහාසය තමන් එහිදී හෙළිකරන බවද ලන්සා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

එසේ නොමැතිව කිසිදු දේශපාලන හය හතරක් නොතේරෙන පුද්ගලයින්ට පොහොට්ටුවේ ඉතිහාසය ගැන කතාකිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවද නිමල් ලන්සා මහතා වැඩිදුරටත් කියා සිටියා.

දේශපාලන වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka