සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එච් ඒ හලීම් මහතාගෙන් සහෝදරයකු මහනුවර පොලීසියේ වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විසි එක් වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්යයේ තානාපති කාර්යාලය විසින් නිකුත් කරන වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර දුන්නේ යැයි ලැබුණු පැමිණිල්ලක් මත මහනුවර පොලිසියේ වංචා විමර්ශන අංශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

ඩුබායි හි රැකියා ලබා දෙන පවසමින් මුදල් වංචා කළ බවට තවත් පැමිණිලි තුනක් ඔහු සම්බන්ධයෙන් ලැබී ඇති බවද පොලිසිය කියා සිටී.