gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරික ඔනේෂ්ගේ මළ සිරුර මාස 08 කට පසුව කටුනායකට!

කොළඹ – 07 පදිංචි ශ්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරික 41 හැවිරිදි ඔනේෂ් සුබසිංහ මහතාගේ මළසිරුර මාස 08 කට පසුව කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

මෙම ව්‍යාපාරිකයා මෙම වසරේ ජනවාරි මස 17 දින අවුරුදු 04 ක් වයසැති දුව, සිය බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇයගේ මිතුරෙකු සමග ඉන්දුනීසියාවේ සංචාරයක් සදහා පිටත්ව ගොස් තිබුණා.

මෙම ව්‍යාපාරිකයා එදින සිට සෑම දිනකම ශ්‍රී ලංකාවේ සිටින  සිය සහෝදරිය වෙත දුරකථන ඇමතුම් ලබා දීම සිදු කර තිබෙනවා.

එහෙත් 01/31 දින සිට මෙසේ දුරකථන ඇමතුම් ලබා දීම නැවතීම නිසා මෙම සොහොයුරිය ඔවුන් නැවතී සිටි හෝටලය වෙත දුරකථන ඇමතුමක් ලබා දී මෙම ව්‍යාපාරිකයා පිළිබඳව සොයා බලන ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ හෝටල් සේවකයින් ඔවුන් නැවතී සිටි කාමරය තුළ මිය ගොස් සිටි මෙම ව්‍යාපාරිකයාගේ මළසිරුර සොයා ගෙන තිබෙනවා.

මාස 08 ක පමණ කාළයකට පසුව මෙම ව්‍යාපාරිකයාගේ මළසිරුර ඉකුත් 08/01 දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.

මෙම මළසිරුර මේ වනවිට මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් පේත් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka