gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිහින්තලේ විදුලිය කපයි... නොගෙවූ බිල 41 ලක්‍ෂයයි... මිහින්තලා හිමි මාධ්‍ය කැදවා සුමධුර දම් දෙසුමක!

ලංකා විදුලි බල මණ්ඩලය විසින් අද දහවල් කාලයේ මිහින්තලා පූජා භූමියේ විදුලිය සැපයුම විසන්ධි කර තිබේ. මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරන්නේ තමන් වහන්සේ සෘජුව කතා කරන නිසා දේශපාලනඥයන් තමන්ගේ ආසන බේරා ගැනීම සඳහා සාසනයෙන් පලිගන්නා බවයි.

මේ වන විටත් විහාරස්ථානයෙන් මිහිඳු සෑය ඉදිකිරීම වැනි සංවර්ධන වැඩ රාශියක් සිදු වෙමින් පවතින මොහොතක විදුලිය විසන්ධි කිරීම සිදු කළ බවද උන්වහන්සේ පැවසූහ.

එම තත්ත්වය මත ඉදිරියේදී පූජා භූමිය පුරා ජලය නොමැති ජලය නොමැතිව යන ඇති බව පැවසූ උන්වහන්සේ මේ හේතුවෙන් පුරාවිද්‍යා ස්මාරක ඇතුළු පිහිටි අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් අද සිට අඳුරේ පවතිනු ඇති බවද කියා සිටියහ.

අද සිට මිහින්තලා වන්දනාව පැමිණෙන බැතිමතුන් කුමන හෝ ආලෝකයක් රැගෙන වන්දනාවේ පැමිණිය යුතු වුව වනු ඇති බවද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

මේ අවස්ථාවේ 41 ලක්‍ෂයක විදුලි බිලක් ගෙවීමට ක්‍රමයක් නැති බවත් පැවැසූ උන්වහන්සේ සූර්ය පැනල සවිකර දෙන ලෙසත් ඉල්ලා සිටි අතර ඉන් පසුව විදුලි අවශ්‍යතාවක් ඇති නොවන බවද අද මාධ්‍ය කැදවා පැවසූහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka