බිලියන ගණනක වංචා කර තෙල් ලොක්කෙක් රට පනී! බිරිද අතේ අස්වීම එවයි!
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයෙකු ඇමරිකාවට යන බව දන්වා කැනඩාවට පැන ගොස් ඇති බව හෙළි වී තිබේ.
ශ්‍රී ලංකාවට බොරතෙල් ගොඩබෑමේ දී බැරල් පිටින් තෙල් අතුරුදහන් වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් විමර්ශන අරඹා තිබේ දී මෙම නිලධාරියා නිවාඩු ලබාගෙන ඇමරිකාවට ගොස් තිබිණි.
මාස තුනක සංචාරයකට බව පවසා මෙසේ නිවාඩු ලබා ගෙන ගොස් ඇති ඔහු තම බිරිඳ හරහා තෙල් සංස්ථා වෙත තම ඉල්ලා අස්වීමේ ලිපිය එවා තිබේ.

සංස්ථාවේ වාණිජ අංශයේ නිලධාරීහු මෙසේ කැනඩාවට පැනගොස් ඇති අතර තමන්ට කැනඩාවේ රැකියාවක් ලැබුණු බවත් තමන් රැකියාවෙන් ඉල්ලා අස්වන බවත් ඔහු තම බිරිඳ අතේ එවා තිබූ ලිපියේ සඳහන්ව ඇත.
කෙසේ නමුත් බොරතෙල් බැරල් අතුරුදහන් වීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන වලට මුහුණ දීමට මෙම නිලධාරියාට ලංකාවට පැමිණීමට සිදු වන බව යයි තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරීන් අනතුරු අඟවා තිබේ.
කෙසේ නමුත් බොරතෙල් බැරල් අතුරුදහන් වීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන වලට මුහුණ දීමට මෙම නිලධාරියාට ලංකාවට පැමිණීමට සිදු වන බව යයි තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරීන් අනතුරු අඟවා තිබේ.
බිලියන ගණනක වංචා කර තෙල් ලොක්කෙක් රට පනී! බිරිද අතේ අස්වීම එවයි!
2023-08-03T12:24:00+05:30
Gossip Lanka Hot News