gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැති පොහොට්ටු හමුව ගාලගෝටියක්! වැය ශීර්ෂ පරදන බව පසුපෙල කියති!

ඇතැම් ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, නිලධාරීන් තමන් නොසලකා හරිමින් කටයුතු කරන බවට, ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එල්ල කළ බරපතළ චෝදනා සම්බන්ධයෙන්, ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවත් ඊට තමන්ද සහභාගී වන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෙම කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති අතර, එය උණුසුම් මුහුණුවරක් ගත්තේ ඇතැම් ඇමතිවරු, තමන් ගණන් නොගෙන කටයුතු කිරීම, පළාත් සභා ඇතැම් ආණ්ඩුකාරවරු, පළාත් ලේකම්වරුන් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන් වන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ අදහස් නොවිමසා කටයුතු කිරීම මෙන්ම රාජ්‍ය නිලධාරින් තමන් අපහසුතාවට පත්වන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි ලෙස චෝදනා කිරීම හේතුවෙනි.

තිස්ස කුට්ටිආරච්චි, සමන්ප්‍රිය හේරත්, ජයන්ත කැටගොඩ, මිලාන් ජයතිලක, ඩී වීරසිංහ යනාදී මන්ත්‍රීවරු සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, චාමර සම්පත් යන මහත්වරුද මෙසේ බරපතළ චෝදනා ඉදිරිපත් කරමින් කතා කළ අතර, විශේෂයෙන් ම තමන්ව නොසලකා හරින ඇමතිවරුන්ගේ වැය ශිර්ෂවලට අය වැයේදී ඡන්දය දීමට හැකියාවක් නැතැයිද ඔවුන් බොහෝ දෙනෙක් කියා සිටියහ.

ඇතැම් ඇමතිවරු විදේශ රැකියා දෙන බව කියා, තමන් ඊට අදාළව ලබාදුන් එම ලැයිස්තු නොසලකා හැර ඇතැයිද සමහර මන්ත්‍රීවරු චෝදනා කළහ. තමන්ට ගම්වලට යා නොහැකි බවද ප්‍රදේශවාසින් තමන්ට දෝෂාරෝපණය කරන බවද ඔවුහු සඳහන් කළහ.

රැස්වීම ආරම්භ කරන අවස්ථාවේ එහි සිටි විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරින් පාර්ලිමේන්තුව ආරම්භ කරන අවස්ථාවේ ඉවත්ව ගිය පසුවද ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු තවදුරටත් රැදී සිටිමින් සිය ප්‍රශ්න අගමැතිවරයාට ඉදිරිපත් කළ අතර, අගමැතිවරයා කියා සිටියේ, පළාත් සභා ප්‍රධාන ලේකක්වරුද කැඳවා මෙම ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය බවය.

රැස්වීම අවසන් වූයේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ කිසියම් නොසන්සුන් තත්ත්වයක් ඇතිවීම හේතුවෙන්, ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සභාවට යාමට සිදුවීම හේතුවෙනි,

සියල්ල සාවදානව අසා සිටි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග කටයුතු කරන ලෙස තමන් ආණ්ඩුකාරවරුන්ට පැහැදිලිව උපදෙස් දී ඇතැයිද පැවසීය.

මෙම රැස්වීමට, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අමාත්‍ය රොෂාන් රණසිංහ, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ ආදීන්ද එක්ව සිටියහ,

– Repoter


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka