gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමතිවරයෙක් බිලියන ගණනක බැංකු පොල්ලක් තියලා - විඝනකාධිපති

‘විගණකාධිපතිවරයා ලංකා බැංකුව සම්බන්ධව එහි පරිපාලන සමාගම් සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ වාර්තාවේ 23 පිටුවේ තියෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන අමාත්‍ය ධූරයක් හොබවන පුද්ගලයෙක් රුපියල් බිලියන ගාණක බැංකු පොලු තියලා තියෙනවා’ යයි ආර්ථික යුක්තිය උදෙසා ජනතා සමූහිකය පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවකදී ඔවුන් පලකළ අදහස් මෙසේයි.

මේ වෙනකොට විවිධ ක්ෂේත්‍ර වලට අදාළ වෘත්තිකයන්, කලාකරුවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වෙලාවේ ඉදිරියට යමින් පවතිනවා.

නීතීඥයන්ගේ සංගමය ඊළඟ සතියේ කලඑළි බහින්න නියමිතයි. විශේෂයෙන්ම වැදගත් නඩුකර කිහිපයකුත් එක්කම, ඒ වගේම ආර්ථික යුක්තිය උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයත් කල එළි බහින්න නියමිතයි.

විශේෂයෙන්ම අපි මේ වෙනකොට ලංකාවේ පාර්ලිමේන්තුවේ නම කැත කර නොගත්, පිරිසිදු යැයි අපට හිතන්න පුළුවන්. මන්ත්‍රීවරුන් ගණනාවක් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඒ අය අපිත් එක්ක එකතු වෙන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන් ගණනාවක් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. පැහැදිලිව කියන්න ඕන මේකට අපි ආරාධනා කරලා තියෙන්නෙත් ලැජ්ජාවක්, හිරිකිතයක් නැතුව ආර්ථික යුක්තිය වෙනුවෙන් කතා කරන්න පුළුවන්කම තියෙන මන්ත්‍රීවරුන්ට විතරයි.

ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා ලොකු ලැයිස්තුවක් හෙළි කරා බදු පැහැර හැරීම් සම්බන්ධව. මහින්දානන්ද හිටපු ඇමතිතුමා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී ඒ කැබිනට් මණ්ඩලය අනුමත කරගෙන ලංකාවට ගෙනා කාබනික පොහොර වලින් රුපියල් මිලියන 3000 නාස්තියක් වුණ බව විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් කියලා තියෙනවා. අපි මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාගෙන් කරුණාවෙන් ඉල්ලනවා එතුමාට පුළුවන් අහිමි වෙච්ච මිලියන ගානක මුදල මේ රටේ ජනතාවට දීලා වැඩේ පටන් ගන්න.
 
ආර්ථික යුක්තියත් එක්ක එන කොට අපි අඳුරගන්න ඕනේ කණ්ඩායම් තුනක්. පළවෙනි කණ්ඩායම තමයි රටේ බංකොලොත් භාවයට වග කියන්න ඕන දූෂිත දේශපාලඥයෝ. දෙවෙනි කණ්ඩායම තමයි මේ දූෂිත දේශපාලනඥයොත් එක්ක එකතු වෙලා රට මේ තත්වෙට ඇද දාපු සුදු කරපටි මාෆියාකාරයෝ. රාජ්‍ය නිලධාරීන්. තුන්වෙනි කණ්ඩායම තමයි රටේ ඉන්න ජාවාරම්කාර ව්‍යාපාරික පන්තිය.

විගණකාධිපතිවරයා ලංකා බැංකුව සම්බන්ධව එහි පරිපාලන සමාගම් සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ වාර්තාවේ 23 පිටුවේ තියෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන අමාත්‍ය ධූරයක් හොබවන පුද්ගලයෙක් රුපියල් බිලියන ගාණක බැංකු පොලු තියලා තියෙනවා.
 
ආර්ථික යුක්තිය වෙනුවෙන් මහජන නියෝජිතයෝ එකතු වෙනකොට කාටහරි සැකයක් සංකාවක් තියෙනවා නම් මහජන නියෝජිතයෝ මොනවගේද කියන එක ඔන්න අපි හැඩරුව කියනවා. පළවෙනි එක තමයි මහජන නියෝජිතයින් අවංකවම ආර්ථික යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්න කණ්ඩායමක් වෙන්න ඕනේ. දෙවැනි කණ්ඩායම, විවෘත වෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි මේ අය ප්‍රයෝගික වෙන්න ඕනේ නිකන් කතා කරන කාරයෝ නෙවෙයි. මේ අර්බුදයෙන් ගොඩ ගන්න මෙන්න මේ කාරණාවන් සම්බන්ධව ඔවුන් ප්‍රයෝගික වෙන්න ඕනේ. හතරවෙනි කාරණාව තමයි ඔවුන්ට සහකම්පනය තියෙන්න ඕන. අනිත් එක තමයි නිකම්ම නිකන් කයිය වැඩක් නෑ තම තමන් කරපු අමාත්‍යංශ නැත්නම් අඩුගානේ ප්‍රාදේශීය සභාවක සභාපතිකමක් හරි කරලා නම් පළාත් සභාවක් නියෝජනය කරලා නම් අන්න ඒකේ කිසියම් පරිවර්තනයක් කරලා වැඩක් කරන්න පුළුවන් හා පෙන්නපු කෙනෙක් වෙන්න ඕනේ.
 
1978 විතර ඉදල ගත්තහම ලංකාවේ සිදු වෙච්ච කිසිදු ආර්ථික අපරාධයකට කිසිම කෙනෙක් වැරදිකරුවෙක් බවට පත්වෙලා නෑ. විශේෂයෙන්ම ලංකාවේ ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් කොමිසම් වාර්තාවේ ලංකාවේ ආර්ථික අපරාධ කළා කියලා නිර්දේශ කරලා තියෙනවා.

මහ බැංකු බැඳුම්කරයක් කතා කරනවා 2015 දී වෙච්ච. නමුත් 2005 පස්සේ, රාජපක්ෂවරු අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති බවට පත් කරලා, ඔහුගේ නංගිව එකේ එකට පත් කරලා, ඒ කාලේ ඉඳන් මහ බැංකුව සුද්ද කරන්න පටන් ගත්තා. කබ්රාල්, ඊට පස්සේ යුද්ධෙන් පස්සේ ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත් බවට බොරු මහ බැංකු වාර්තා ඉදිරිපත් කරමින් චීනය සමග ලොකු ගණුදෙනු කරන්න පටන් ගත්තා. මේගොල්ලෝ බොරුවට මහ බැංකු වාර්තාව මගින් චීනය සමග වාණිජ ණය ගන්න පටන් ගත්තා. ඒක ඇවිල්ලා අජිත් නිවාඩ් කබ්රාල්ලගේ, බැසිල් රාජපක්ෂලාගේ, රාජපක්ෂලාගේ එක ගේම් එකක්. නමුත් ඊට පස්සේ දැන් අජිත් නිවාඩ් කබ්රාල් කියන ලංකාවේ ලොකුම ආර්ථික ඝාතකයා, ආර්ථික ඝාතනයට පොත් ලියනවා.
 
පාර්ලිමේන්තුවේ ඉන්න 225 හොරු කියලා අරගලය කිව්වට පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නවා 225 න් හොරු නොවන ඉතාමත් හොඳ බහුතර සංඛ්‍යාවක් ඉන්නවා. හෘද සාක්ෂි තියෙන කණ්ඩායම් දැනගත්තා මේ සම්ප්‍රධායික දේශපාලන පක්ෂවල ඉඳලා මේ වැඩේ කරන්න බැහැයි කියලා. ඒක නිසා මේ සංවිධානය සමග එකතු වෙමින් පවතිනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ කැඳවුම්කරු නදීෂ ද සිල්වා, විධායක සභික දර්ශන තන්ත්‍රිගේ, නීතිඥ නාමල් රාජපක්ෂ, හා විධායක සභික ධනංජය සිරිවර්ධන යන මහත්වරුන් සම්බන්ධ විය.

දර්ශන තන්ත්‍රිගේ
ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka