gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුර - ඩලස් අතර සාකච්ඡා! දේශපාලනික පණිවුඩයක් ලබාදීමට මෙම සාකච්ඡාව ඉවහල්වනු ඇති!

නිදහස ජනතා සභාව සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඊයේ  (25) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දැමීම සහ ඊට එරෙහිව ගත යුුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාව සඳහා නිදහස ජනතා සභාව වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන් එක්ව සිටි අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අනුරකුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින් කිහිප දෙනෙක් එක්ව සිටියා.

එහි දී අදහස් දැක්වූ නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පාලකයන්ට යම් දේශපාලනික පණිවිඩයක් ලබා දීම සඳහා අද පැවති සාකච්ඡාවේ එකඟතාවයන් ඉවහල්වනු ඇති බවයි.

මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම සඳහා යම් එකඟතාවයන් නිදහස ජනතා සංවිධානය සමඟ ඇතිකරගත් බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මැතිවරණ කල් දැමීමට දරන උත්සහාය පරාජයට පත් කිරීම සඳහා මෙරට ප්‍රගතිශීලි ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමඟ එක්ව කටයුතු කිරීමට තම පක්ෂය සූදානම් බවත් සාකච්ඡාවට එක් වූ අනුරදිසානායක මහතා ප්‍රකාශ කර සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka