gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

LPL සූදු පොළක්… ශූරතාවය දිනපු කැන්ඩි කණ්ඩායමට අනුග්‍රහය දැක්වුයේත් ‘B-Love‘ කියන තහනම් ක්‍රිප්ටො කරන්සි ආයතනය

එල්.පී.එල් තරගාවලිය බරපතල ගැටලු සහිත සූදු පොළක් වූ ආකාරයත්, එල්.පී.එල් ශූරතාවය දිනා ගත් බී ලව් කැන්ඩි කණ්ඩායමේ අනුග්‍රාහයකයා බී ලව් නැමැති ක්‍රිප්ට්සො කරන්සි ප්‍රවර්ධනය කරන ශ්‍රී ලංකාවේ නීති ප්‍රකාරව තහනම් සමාගමක් බවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පෙරේදා (24) පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

අමාත්‍යවරයාගේත් අනුමැතිය රහිතව පැවැත්වූ මෙම තරගාවලියේ ප්‍රධාන භූමිකාවක් කළ සූදු ඔට්ටු වෙබ් අඩවි 15ක් පිළිබඳව ද අධිකරණ ඇමතිවරයා හෙළි කළේ තරගයේ මාතෘකා අනුග්‍රහය දුන් SKYFAIR  යනු  නීති විරෝධී ඕට්ටු ඇල්ලීමේ අක්වෙරළ වෙබ් අඩවියක් බව ද අනාවරණය කළේය.

අධිකරණ ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

මෑතක දී පැවත්වපු එල්පීඑල් තරගාවලිය පිළිබඳ බරපතල ගැටලු තිබෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලය යන දිශානතිය සම්බන්ධව එතනදි ගැටලුවක් මතු වෙනවා.

ඒකට හේතුව මේකයි.  එල්.පී. එල් තරගාවලියේ දී විශේෂයෙන්ම ක්‍රිප්ටො කරන්සි ක්‍රමය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වුනා.

ඒ තුළ  T 20 ෆ්‍රැන්චයිස් පදනම් කරගත්ත ලීගයේ මාතෘකා අනුග්‍රහය දුන්නේ SKYFAIR කියන නීති විරෝධී ඕට්ටු ඇල්ලීමේ අක්වෙරළ වෙබ් අඩවියක්.

අපේ රටේ නීතිය අනුව ඒවා තහනම්. ඒ තහනම් දේවල් ප්‍රවර්ධනය සඳහා තමයි මෙවර මේ ක්‍රීඩාව පාවිච්චි කරලා තිබෙන්නේ.

අනුග්‍රාහකයින් රාශියක් නීති විරෝධී ඔට්ටු වෙබ්  අඩවි පවත්වාගෙන යන ආයතන. එවැනි ආයතන 15ක් හඳුනාගෙන තිබෙනවා.

Skyfair.News, 1xBet 1XBook, Crickets In, Kheloyar News, Babu88, SAT sport,  Wolf 777, Tiger ESCH, BA Fry Coin,, MTFE. තමයි ඒ අඩවි.

එතකොට බලන්න,   මේ ආයතන සියල්ලම ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරවල යෙදිලා තියන ඒවා. නැතිනම් ක්‍රිප්ටො කරන්සි ගනුදෙනු සිදුකරන ඒවා.

ජයග්‍රහණය ලබපු කැන්ඩි කණ්ඩායමටත් අනුග්‍රහය දක්වලා තිබෙන්නේ “බී ලව්” කියන ක්‍රිප්ටො කරන්සි ආයතනනය.  ඒක තහනම් කරපු ආයතනයක්.

මේ ක්‍රිකට් මණ්ඩලය කරපු ක්‍රියාදාමය නීතියෙන් පිට කරපු ක්‍රියා කටයුතු හරිද වැරදිද කියලා හොයන්න අමාත්‍යවරයාට වගකීමක් තියනවා. හොයාල වැඩක් නෑ… ඒවා නිවැරදි කිරීම සඳහා පියවර ගත යුතුව තිබෙනවා.

ඒක ව්‍යවස්ථාවෙන් පැවරිලා තියන වගකීමක්.

දූෂණ විරෝධී පනතේ 108 වැනි වගන්තිය අලුතින් හඳුන්වලා තියනවා. මේ ක්‍රීඩා සම්බන්ධව අල්ලස්, තුටු පඬුරු ලබා දීම, එ්වා භාර ගැනීම, අවුරුදු හතක සිර දඬුවමකට ලක් විය යුතු, මිලියනයකට නොවැඩි දඩයකට ලක් විය යුතු වරදක් විදිහට නීතිය ඔබතුමාලා සම්මත කරලා දුන්නා. ඒක 2023 අංක 09 දරන පනත.

ඒකේ 109 වගන්තියත් මේකට අදාලයි. ඒ වගන්තිය යටතේ ක්‍රිකට් මණ්ඩලය විතරක් නොවෙයි ඕනෑම තැනැත්තෙක් පහුගි කාල සීමාව තුළ උපයා ගත්ත ධනය උපයා ගත් ආකාරය පැහැදලි කළ යුතුයි.

ඒ පැහැදිලි කිරීම ඇමතිවරයා කර ගත යුතුයි. එහෙම පැැහදිලි කිරීමක් කරගන්න බැරිනම් කලින් කී දඬුවම්වලට යටත් විය යුතු වරදක්. ඇමතිවරයාට බලය තියනවා. ඒ බලය පාවිච්චි කරන්න. මේ යොජනා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා දෙන්න. සති දෙකක් ඇතුළත අපි පනත සම්පාදනය කරලා දෙනවා


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka