gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

MTFE ප‍්‍රාදේශීය කාර්යාල රාත‍්‍රියේම වසා දමති!

පිරමීඩාකාර මූල්‍ය ගනුදෙනු වල නිරත වූ බවට චෝදනා එල්ල වන MTFE ආයතනයේ ප්‍රාදේශීය කාර්යාල කිහිහිපයක් ඊයේ රාත්‍රියේ වසා ඉවත් කර ගෙන ඇති බව වාර්තා වේ.

එම ප්‍රදේශයන්හි වාර්තාකරුවන් සඳහන් කරන්නේ එම ඇතැම් ශාඛාවන්හි ඇති බඩු භාණ්ඩ පවා සියල්ල ඊයේ රාත්‍රියේ ඉවත් කරගෙන ඇති බවයි.

එම ආයතනයේ ප්‍රදානයෙන් පස් දෙනෙකුට එරෙහිව රටින් පිටවීම තහනම් කරමින් වාරණ නියෝගයක් අධිකරණය විසින් ඊයේ දින නිකුත් කර තිබේ.

නමුත් ඉන් ප්‍රධාන සැකකරුවා මේ වන විටත් ඩුබායි රාජ්‍ය බලා පලා ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රහස් පොලිසියට දැනුම් දී තිබුණේ මෙම සමාගම පිරමිඩාකාර මුදල් ගනුදෙනුවක නිරත වන බව නිරීක්ෂණය වන බැවින් එහි ප්‍රධානින්ට රටින් පිටවීම වළක්වීම සඳහා වහා ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි.

ඒ අනුව ඊයේ දින අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අදාළ වාරණ නියෝගය නිකුත් කර තිබේ.

ක‍්‍රිප්ටො ගනුදෙනු හරහා මුදල් උපයන බව පවසමින් එම සමාගම් විසින් රට පුරා පිහිටි රට පුරා පුද්ගලයන්ගෙන් මුදල් විශාල වශයෙන් එක් රැස් කරගෙන ඇත.

නමුත් අදාළ සමාගමේ වෙබ් අඩවිය හෝ ජංගම දුරකතන යෙදවුම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවක් ලෙස ක‍්‍රියා නොකරන අතර ඔවුන් Binance ප්‍රකට ක්‍රිප්ටෝ විනිමය හුවමාරුව හරහා ඔවුන්ගේ පෞද්ගලික ගිනුම්වලට මුදල් ගෙන්වා ගන්නා බව හෙළි වී තිබේ.

එමෙන්ම ක‍්‍රිප්ටො විනිමය හුවමාරුවක් ඇයි පැවසුවද ඒ වෙත යොමු කරන කිසිදු මුදලක් වෙනත් කිසිදු ක්‍රිප්ටෝ එ්කකයකට මාරුකිරීමේ හැකියාවක් නොමැත.

ලොව ප්‍රසිද්ධ ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වල ආයෝජනය කරන ඕනෑම පුද්ගලයෙකු අවදානම තමන් දරාගනිමින් ඕනෑම අවස්ථාවක වෙනත් ක්‍රිප්ටෝ මුදල් ඒකක හෝ ත්‍යන්තර මූල්‍ය එ්කක සමග හුවමාරු කිරීමේ හැකියාව ඇත. ඒවායේ කිසිම අවස්ථාවය නිශ්චිත ලාභයක් ගෙවන බවට සහතියක් ලබා නොදෙන අතර දක්‍ෂ හා දැනුවත් ආයෝජකයන් විශාල ලෙස ලාභ උපයා ගනී.

පසුව මෙම ආයතනය පවසා තිබුනේ තමන් ආයෝජනය කරන්නේ ක‍්‍රිප්ටො වෙලදපලේ නොව ෆොරෙක්ස් වෙලදපලේ බවයි. නමුත් මේ වන තුරුත් ඔවුන් වෙත මුදල් ගෙන්වා ගන්නේ ක‍්‍රිප්ටො මුදල් හුවමාරු වල පමණක් භාවිතා වන USDT වලිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka