gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජවිපෙ නම සහ ලකුණ මාරු උන හැටි ගැන මහින්දානන්දගෙන් හෙළිදරව්වක්!

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නම හා ලකුණ වෙනස්කර ඇත්තේ මිනිස් ඝාතන ඇතුළු ලෙයින් වැකුණු අපකීර්තිමත් ඉතිහාසය වත්මන් පරම්පරාවෙන් වසංකරගැනීම සඳහා යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද රට බෙදීමට කටයුතු කළ බවයි.
එබැවින් මේ සංවිධාන දෙකම, දෙකක් නොව එකක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මීරිගම යොවුන් නිකේතනයේදී ඊයේ (27) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීරිගම ආසන බල මණ්ඩලයට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව කියා සිටියා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද සඳහන් කළා.

“මේ දවස්වල අපි ජනාධිපතිවරු දෙන්නෙක් දකිනවා.එක්කෙනෙක් රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.අනිත් කෙනා ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසානායකයි.ජනතා විමුක්ති පෙරමුණ කිව්ව ගමන්ම මතක් වෙන්නේ මනුෂ්‍ය ඝාතන.බස් ගිනි තියපුවා.අන්න ඒ ලෙයින් වැකුණු අපකීර්තිමත් ඉතිහාසය වත්මන් පරම්පරාවෙන් වසංකරගන්න මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයයි,ලකුණයි දෙකම මාරු කරලා.හැබැයි මේ රටේ මිනිස්සු මැරිල ඉපදිලා නැහැ.ජේ.වී.පී එක කරපුව අපිට හොඳට මතකයි.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අන්තවාදීන්ගේ,ජාතිවාදීන්ගේ දේශපාලන පක්ෂයක්.එදා මහින්ද මහත්තයා එල්.ටී.ටී.ඊ එක හතර වටින්ම වට කරලා තියෙද්දි 2008 දී අයවැය පරද්දන්න පාර්ලිමේන්තුව ඇතුලේ නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි.පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ තාත්තා හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙයි.ජනතා විමුක්ති පෙරමුණයි,එල්.ටී.ටී.ඊ එකයි දෙකම එකයි. ඒ දෙගොල්ලොන්ටම ඕනේ වුනේ රට බෙදන්නයි.“යැයිද මන්ත්‍රීවරයා කියා සිටියා.

දේශපාලන වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka