gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගම්පහ ඇවිත් මට ඉන්න තැනක් නෑ…කෝකිලා සංවේදී වෙයි

තමන්ට ගම්පහ ඇවිත් ඉන්න තැනක් නැති නිසා ආසනයට එන්නේ සතියකට දෙතුන් වතාවක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂණි ගුණවර්ධන මහත්මිය පවසයි. මීරිගම පැවති පොහොට්ටු අසන බල මණ්ඩලය අමතා සංවේදී වෙමින් ඇය මේ බව කියා සිටියා.

“බල මණ්ඩලයට ලෑස්ති වෙද්දි මම හිතුවා මගේ ජනතාවට මාව අමතක වෙලා ඇති කියලා.මම ආසනයට එන්නේ සතියට දවස් දෙක තුනයි.මොකද මම ආවාට මේ ආසනයේ නවතින්න තැනක් නැහැ.ඒ නිසා මම මේ බල මණ්ඩලය කළේ බොහොම බයෙන්.
මගේ අයියා නැති වුණාම ජනතාව තමයි මට දේශපාලනය කරන්න කිව්වේ.මේ ජනතාව කවදාවත්ම මාව වැට්ටෙව්වේ නෑ.මාව හැමදාම ශක්තිමත්ව අල්ලගෙන හිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි ආදරයෙන් බිහි කළ පක්ෂයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අපිට මතයක් නැති වෙන කොට මහින්ද රාජපක්ෂ මහතා එකතු වෙලා මේ පක්ෂය ගොඩනැගුව. අදටත් මෙරට තිබෙන ශක්තිමත්ම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.”

දේශපාලන වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka