නියමිත කාලය අවසන් කල මහජන නියෝජිතයන් සහ නිලධාරීන් රජයේ නිල නිවාසවලින් ඉවත් කිරීම සඳහා දැනට පවතින නීති රාමුව වෙනස් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව මෙම නිවාස යලි පවරා ගැනීම සඳහා පවතින චක්‍රලේක වෙනස්වනු ඇති.
ඇතැම් මහජන නියෝජිතයන් සිය නිල කාලය අවසන් වී බොහෝ කාලයක් එම නිවාස භාවිතා කිරීමෙන් රජයට විශාල මුදලක් අහිමිවී යන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරියෙකු කියා සිටියා.
මේ අතර ඇතැම් රාජ්‍ය නිලධාරින්ද සිය ධූර කාලය අවසන් වී විශ්‍රාම ගියද දේශපාලන බලපෑම් උපයෝගී කරගනිමින් එම නිවාසවලම ජීවත්ව සිටීමට පුරුදුව ඇති බවද වාර්තාවේ.
මේ නිසා අදාල නිවාස නඩත්තු කිරීම සහ දිගින් දිගටම සිදුවන අලුත්වැඩියා කටයුතු සඳහාද රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා.
මෙම තත්වය නිසා දැනට පවතින නීති වෙනස්කර දැඩි නීති ගෙන ඒමට තීරණය කර ඇති බවද වාර්තාවේ.
දේශපාලන වාර්තාකරු