පිටරටින් බිත්තර! පිටරටින් හාල්! පිටරටින් කිරි! ඔන්න දැන් පිටරටින් දොස්තරලත් ගේන්නයි යන්නේ!
වෛද්‍යවරු හිඟය තව දුරටත් පැවතුණහොත් විදේශීය වෛද්‍යවරු මෙරට සේවයට ගෙන ඒමට සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසීය.
වෛද්‍යවරුන් රට හැර යාමට ප්‍රධානතම හේතුව රජය පනවා ඇති අධික බදු සහ රටේ පවතින අස්ථාවරභාවය බවත් විශේෂඥ වෛද්‍යවරු රට හැරයාමෙන් රෝහල් අර්බුදයකට මුහුණ පා ඇති බවත් ගුණරත්න මහතා කීය.
වෛද්‍යවරුන් රට හැර යාමට ප්‍රධානතම හේතුව රජය පනවා ඇති අධික බදු සහ රටේ පවතින අස්ථාවරභාවය බවත් විශේෂඥ වෛද්‍යවරු රට හැරයාමෙන් රෝහල් අර්බුදයකට මුහුණ පා ඇති බවත් ගුණරත්න මහතා කීය.
වෛද්‍යවරු අඩු වෙන්න අඩු වෙන්න දෙන්නෙක් හිටිය තැනකට එක්කෙනෙක් ද, තුන්දෙනෙක් හිටිය තැනකට දෙන්නෙක් ද, දැමීමට සිදුවන බවත් මෙම තත්වය දිගටම පැවතුණොත් මේක සංකෝචනය කරනවා හැර වෙන විකල්පයක් නොමැති අතර එසේ නොවේ නම් විදේශ වෛද්‍යවරු ලබාගත යුතු බවත් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා කීය.
පිටරටින් බිත්තර! පිටරටින් හාල්! පිටරටින් කිරි! ඔන්න දැන් පිටරටින් දොස්තරලත් ගේන්නයි යන්නේ!
2023-08-15T13:34:00+05:30
Gossip Lanka Hot News