ඉහලම ආරක්‍ෂක ලොක්කෙක් ගැන CID පරීක්‍ෂණ…
ඉහළම පෙළේ ආරක්ෂක අංශ ප්‍රධානියකු පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. නීතිපතිවරයා විසින් ලබා දී ඇති ලිඛිත නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ මෙහෙයවයි.
පසුගිය වසරේ පැවති අරගල කාලසීමාවේ රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට විධිමත් පියවර නොගැනීම, පැහැදිලි නියෝග ලබා නොදීම ඇතුළු චෝදනා ගණනාවක් මෙම ආරක්ෂක මණ්ඩල සාමාජිකයාට එල්ලවී ඇත.
ඒ අනුව මෙම චෝදනා පිළිබඳව විමර්ශනය කළ යුතු යැයි නිර්දේශ කර ඇත්තේ ඒ පිළිබඳව විමර්ශනය කිරීමට පත් කරන ලද පරීක්ෂණ කමිටුව විසිනි.
මෙම ප්‍රධානියාගෙන් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමට නියමිතව ඇති අතර පරීක්ෂණයෙන් පසු ඔහු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතව තිබේ.
-lankacnews
ඉහලම ආරක්‍ෂක ලොක්කෙක් ගැන CID පරීක්ෂණ…
2023-08-26T23:44:00+05:30
Gossip Lanka Hot News






