මහණ වෙන්නට පැමිණි තරුණියත් මෙහෙනින්නාසේලා තුන් නමක් සමග මිනුවන්ගොඩ මෙහෙණි ආරාමයකින් අතුරුදහන්!
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමයක මහණ වීමට පැමිණි තරුණියක සහ එම ආරාමයේ වැඩ වාසය කළ අවුරුදු 12 ,15 සහ 18 යන වයසේ පසුවන මෙහෙනින් වහන්සේලා තුන් නමක් 24 වැනි දා සිට අතුරුදහන්ව ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මෙම මෙහෙණි ආරාමයේ වැඩ වාසය කරන මෙහෙණින් වහන්සේ විසින් මේ බව අද (26) ම්නුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත.
මහණ වීමට අවශ්‍ය බව පවසමින් පැමිණි තරුණිය අනෙක් මෙහෙණින් වහන්සේලා තිදෙනා රැගෙන යන්නට ඇති බවට සැක කරන්නේ යැයි පැමිණිලිකාර මෙහෙණින් වහන්සේ පොලීසියට පවසා ඇතැයි කියති.
මෙහෙනින් වහන්සේලා තුන් නම රැගෙන ගියේ යැයි කියන මෙම තරුණියගේ කිසිම තොරතුරක් තමන් සතුව නොමැති බව පැමිණිලිකාර මෙහෙණින් වහන්සේ පවසන්නේ යැයි පොලීසිය සඳහන් කරයි.
මෙම මෙහෙණින් වහන්සේලා තුන්දෙනා සහ එම මෙහෙණින් වහන්සේලා රැගෙන ගියේ යැයි කියන තරුණිය ගැන මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.
-ලංකාදීප
මහණ වෙන්නට පැමිණි තරුණියත් මෙහෙනින්නාසේලා තුන් නමක් සමග මිනුවන්ගොඩ මෙහෙණි ආරාමයකින් අතුරුදහන්!
2023-08-26T23:41:00+05:30
Gossip Lanka Hot News






