කෙසේවුවද, අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරෙන දිනේෂ් මහතාට ප්‍රබල අමාත්‍ය ධූර කිහිපයක් ලබාදීමට නියමිත බවද එහි දැක්වේ.
මේ සඳහා අග්‍රාමාත්‍යවරයාද එකඟව ඇති බවද පැවසේ.
අදාළ තානාපති කාර්යාලය වත්මන් ජනාධිපතිවරයා බිහි කිරීම සඳහා ද සහය දුන් එකක් බවද එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.
මේ අතර, ලබන දෙසැම්බර් මාසය වන විට කාබන් තැන්පතු පිළිබඳ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 12ක් ලැබීමට නියමිත බවත්, එය හිටපු නෝවීඩියානු සාම නියෝජිත එරික් සෝල්හයිම් මහතාගේ සහයෙන් ලැබෙන බවද පැවසේ.
එම මුදලත් සමඟ ජනාධිපතිවරණයක් හෝ මැතිවරණයක් ද පැවැත්වීමට කටයුතු කෙරෙනු ඇතැයි එහි දැක්වේ.
