චාමර සම්පත් අමාරුවේ.. බිලියන ගණනක හොරකමක් ගැන සභාපති රහස් පොලිසියට (VIDEO)
ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති ගාමිණී ඒකනායක මහතා විසින් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව රහස් පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
කන්කසන්තුරේ පිහිටි රජයට අයත් සිමෙන්ති කර්මාන්ත ශාලාවේ රුපියල් බිලියන ගණනක සොරකමක් සිදුව ඇත්තේ අමාත්‍යවරයාගේ අනුදැනුම මත බවට ඔහු එමඟින් චෝදනා කර ඇත.
මේ අතර අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ අදාළ කර්මාන්ත ශාලාවේ බිලියන ගණනක යකඩ සොරකම් පසුපස ඉන්නේ අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බවයි.
වසර ගණනක් තිස්සේ එහි ආරක්ෂාවට යොදවා තිබූ හමුදා සෙබලුන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවේද සොරකම් කිරීමට මග පාදා ගැනීම බවද ඔහු කියා සිටී.
ආරක්ෂක සමාගමක් යැයි පවසමින් බදුල්ලේ කිහිප දෙනකු එම කර්මාන්ත ශාලාවට ගෙන ගොස් සිටින බවත් අදාළ හොරකම් සිදුවන්නේ එම කණ්ඩායම ද සමග බව ඔහු චෝදනා කරයි.
කන්කසන්තුරේ පිහිටි රජයට අයත් සිමෙන්ති කර්මාන්ත ශාලාවේ රුපියල් බිලියන ගණනක සොරකමක් සිදුව ඇත්තේ අමාත්‍යවරයාගේ අනුදැනුම මත බවට ඔහු එමඟින් චෝදනා කර ඇත.
මේ අතර අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ අදාළ කර්මාන්ත ශාලාවේ බිලියන ගණනක යකඩ සොරකම් පසුපස ඉන්නේ අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බවයි.
වසර ගණනක් තිස්සේ එහි ආරක්ෂාවට යොදවා තිබූ හමුදා සෙබලුන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවේද සොරකම් කිරීමට මග පාදා ගැනීම බවද ඔහු කියා සිටී.
ආරක්ෂක සමාගමක් යැයි පවසමින් බදුල්ලේ කිහිප දෙනකු එම කර්මාන්ත ශාලාවට ගෙන ගොස් සිටින බවත් අදාළ හොරකම් සිදුවන්නේ එම කණ්ඩායම ද සමග බව ඔහු චෝදනා කරයි.
චාමර සම්පත් අමාරුවේ.. බිලියන ගණනක හොරකමක් ගැන සභාපති රහස් පොලිසියට (VIDEO)
2023-08-10T07:05:00+05:30
Gossip Lanka Hot News