නරක් වී ගිය බිළඳු මළ සිරුරක කොටස් යාපනයේ ගොවිපළක් අසලින් හමුවෙයි
දින කීපයකට ඉහතදී මිය ගිය ළදරුවකුගේ මෘත ශරීර කොටස් කීපයක් යාපනයේ වන්නර්පන්නෙයි ප්‍රදේශයේ පිහිටි ගොවිපලක් අසලින් 10 දා ගම්වාසීන්ට හමු වී තිබේ.
මෙම මෘත ශරීරයේ කොටස් දැඩි ලෙස නරක් වී දුගද හමමින් පවතින බැවින් මේ පිළිබඳ සොයා බැලීමේදී මෙම කොටස් හමු වී ඇත. ගම්වාසීන් සිද්ධිය පිළිබදව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ එම මෘත ශරීරයේ කොටස්වලට ආරක්ෂාව සලසා තිබේ.
මේ ස්ථානයට පැමිණි යාපනය වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා අදාල මෘත ශරීරයේ කොටස් යාපනය ශික්ෂණ රෝහල වෙත යවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් පූර්ණ වාර්තාවක් ලබා ගෙන එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෘත ශරීරය හදුනා ගැනීමට කටයුතු කරන ලෙසත් යාපනය පොලිසියට නියෝග කොට තිබේ.
යාපනය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
-
දිනසේන රතුගමගේ
-lankasara
නරක් වී ගිය බිළඳු මළ සිරුරක කොටස් යාපනයේ ගොවිපළක් අසලින් හමුවෙයි
2023-08-11T14:48:00+05:30
Gossip Lanka Hot News






