gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නරක් වී ගිය බිළඳු මළ සිරුරක කොටස් යාපනයේ ගොවිපළක් අසලින් හමුවෙයි

දින කීපයකට ඉහතදී මිය ගිය ළදරුවකුගේ මෘත ශරීර කොටස් කීපයක් යාපනයේ වන්නර්පන්නෙයි ප්‍රදේශයේ පිහිටි ගොවිපලක් අසලින් 10 දා ගම්වාසීන්ට හමු වී තිබේ.
මෙම මෘත ශරීරයේ කොටස් දැඩි ලෙස නරක් වී දුගද හමමින් පවතින බැවින් මේ පිළිබඳ සොයා බැලීමේදී මෙම කොටස් හමු වී ඇත.  ගම්වාසීන්  සිද්ධිය පිළිබදව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ එම මෘත ශරීරයේ කොටස්වලට ආරක්ෂාව  සලසා තිබේ.

මේ ස්ථානයට පැමිණි යාපනය වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා අදාල මෘත ශරීරයේ  කොටස්  යාපනය ශික්ෂණ රෝහල වෙත යවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් පූර්ණ වාර්තාවක් ලබා ගෙන එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්  මෘත ශරීරය හදුනා ගැනීමට කටයුතු කරන ලෙසත් යාපනය පොලිසියට නියෝග කොට තිබේ.

යාපනය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
-
 දිනසේන රතුගමගේ
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka