gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවයි ඉන්දියාවයි යාකරලා හදන්න යන පාලමට කාදිනල් හිමි විරෝධය පළකරයි! ඉතිහාසයේ සිට මේ රට විදේශිකයන්ට පාවා දුන්නේ පාලකයන්! ඉඩම් අක්කර දහස් ගණන් දෙමු ඔක්කෝම රටවල්වලට! කෑලි කෑලිවලට කඩලා දෙමු! එතකොට අපිට කිසිදෙයක් ඉතුරුවෙන්නේ නෑ! මේක අසනීපයක්!

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිකරන්නේ නම් ඒ පිළිබඳ ජනමත විමසුමක් පවත්වා ජනතා කැමැත්ත විමසිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

රාගම තේවත්ත ජාතික බැසිලිකාවේ පැවැති දේව මෙහෙයමකට එක්වෙමින් කාදිනල් හිමියන් අවධාරණය කළේ ඉතිහාසයේ සිට මේ රට විදේශිකයන්ට පාවාදුන්නේ රටේ පාලකයින් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කාදිනල් හිමියන්,

“අපේ රටේ කෑලි කෑලි විකුණ විකුණ එක එක රටවලට, එක එක බලවේගවලට යටත් වෙමින් විවිධ මෝඩ තීරණ ගනිමින් මේ රට විනාශය කරා ගෙන යන්නට කටයුතු කරමින් සිටිනවා. ඒ ගොල්ලෝ ඉන්දියාවට පාලමක් හදනවලු. දැන් ඉන්දියාවෙන් අපිට තියෙන ප්‍රශ්න මදැයි. ඔබට මතකයි පරිප්පු ගෙනත් දැම්මා එක කාලෙක. හමුදාවක් එව්වා ලංකාවට. ඔබට මතකයි ඒ අයගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපිට බල කෙරුවා. බල කරලා ඒවා අපේ කර උඩ පැටෙව්වා. තව පාලමකුත් හදාගත්තාම හොඳට තියෙයි. කවුද මේ මෝඩ කතා කියන්නේ. අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාවත් අපි කිසිම රාජ්‍යයක වහල්ලු වෙලා ඉඳලා නෑ. වෙන රටකින් කැඩිලා ගියේ නෑ. ලංකාව එදා ඉඳලම තිබුණේ වෙනම. මේ රටේ රජවරු ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තිබුණ ආර්ථික ගනුදෙනුවලට ගනුදෙනු කළා මිසක් අපි වහල්කම් කරන්න ගියේ නෑ කාටවත්ම. විදේශීය ජාතියකට අපේ රට යට වුණා නම්, යට වුණේ ආදරණීය සහෝදර සහෝදරියණි, අපේ නායකයින්ගේ පාවාදීම නිසයි. හෙටත් ඒ දේ වෙන්න පුළුවන්. මේ පාලමක් හැදීම පිළිබඳ අදහස සඳහා විශේෂ මහජන මත විමසුමක් ඇති කළ යුතුයි. මහජනතාවගේ මතය නැතිව මේ දේවල් කිරීම වැරදියි. අපේ රට වෙනුවෙන් අපි ඇත්තටම අද කනගාටු වෙනවා. නිදහස ලැබුවාට පස්සේ, අපිට තියෙන්නේ දැන් නිදහස නැති කරගන්න. ඉඩම් අක්කර දහස් ගණන් දෙමු අපි ඔක්කෝම රටවල්වලට. කෑලි කෑලිවලට කඩලා දෙමු හරි හොඳයි. එතකොට අපිට කිසිදෙයක් ඉතුරුවෙන්නේ නෑ. මේක අසනීපයක්.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka