ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ නිමල් ලන්සා මන්ත්‍රීවරයාගේ මුලිකත්වයෙන් ගොඩනගා ඇති නව දේශපාලන සන්ධානය අතර ඇති ගැටුම දැඩි ලෙස උත්සන්න වෙමින් පවතින බව වාර්තා වී තිබෙනවා.
ඒ මෙම සන්ධානය ඇතිකිරීම වහාම නතර කර දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සිදුකල ඉල්ලීමෙන් අනතුරුවයි.
පසුගිය 30 ජනාධිපතිවරයා හමුවූ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ඉල්ලීමක් වුයේ පොහොට්ටුවට අහිතකර මෙම වැඩපිළිවෙල නතර කරන ලෙස ජනාධිපතිවරයා ලවා ලන්සාට බලපෑම් කිරීමය.
එම හේතුව නිසා දෙපාර්ශවය අතර මත ගැටුම් උත්සන්න වී තිබෙන බවත් මේ නිසා ලන්සා පිල සිය මෙහෙයුම් කටයුතු පෙරටත් වඩා වේගයෙන් සිදුකරන බවත් එම කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකු කියා සිටියා.
දේශපාලන වාර්තාකරු